සිතට නැගෙන අදහස්
පෙනෙන නොපෙනන සමාජ යතාර්ථය කවියක් වී...
Friday, December 30, 2011
වූ පවද ,මේ
වූ පවද ,මේ කල මෙලෙසකට
එන භවය පතමි මනුසතකු වී උපදින
නිවන් දකිනට මෙතේ බුදුන් දැක
නමස්කාරවේ හිමියනි ගෞතම
Wednesday, November 30, 2011
දුකනම් කඳුලු වී
ඒ දවස් ටික දොහට
කෑම බීමෙන් නො අඩුවම
සතුටකීවේ පෙර නොවූ ලෙස
දුකක් නම් නෑ පුංචි හිත්වල
කල් යත්ම පසු මාසයම
හිටියාටත් වඩා අන්තෙට
දුකනම් කඳුලු වී බේරෙනා බව
නොතේරුනු කිමද පියා වියෝ වූ දින
Monday, October 24, 2011
භූමියට වීරයෙකු වී
නිවට අධිරාජ වාදයට දන
නොනා නැගි දශක හතරක සවි
දෑත නිමාවිය කුරිරු ලෙස තෙම
භූමියට වීරයෙකු වී ඉතාහාසගත
Thursday, October 20, 2011
සිටියානම් ජනරාළ ලෙසින්
ඉටුකරතත් කල යුතුකම්
බලතන්හා වැඩි වූ නම්
අමතක කර ආ මග මින්
දෙස්පලු මඩගොහුර
දකින්
දැන් ඇති සිටියා සිරකම්
නිදහස දේ ජනපතිදුන්
සිටියානම් ජනරාළ ලෙසින්
පුත නුඔ වේ ලකේ උතුම්
Tuesday, October 11, 2011
අන්තිමට ගොඩවෙන්නෙ මට
උදේ ඉදන් රෑ තෙක්
ඇගේ එල්ලීගෙන
කිරි පොවා
ආරක්ෂාවට
පස්සෙන් දුව දුව
උබලව
කොච්චර හොදට හැදුවත්
අන්තිමට උබල
පොඩි හරි වැරැද්දක් කලාම
උබලගෙ මහ එකාගෙ ඉදන්
රටේ හැම එකාම
අන්තිමට
ගොඩවෙන්නෙ මට
Monday, September 19, 2011
සොඳුරු ලැම පහස
පුර හදක් දිස්වේ ආකස
සඳ රැස් වැටෙන රෑයම
සිත කය දැවෙයි නලියන
මතක් වී නුඹෙ සොඳුරු ලැම පහස
Tuesday, August 23, 2011
පෙන්වා බොරු ග්‍රීස් යකුන් අපට
පෙන්වා බොරු ග්‍රීස් යකුන් අපට
මරාදමයයි අහිංසක කලු සිහලුන්ව
උවමනාවේ අරාජික කෙරුම මව්බිම
අන්ත ජිහාඩිලා හා ඊලාම් නරියන්ට
Wednesday, August 10, 2011
නොගමි ලැම තුරුළට
ආදරෙයි මම තාමත්ම
වෙන්ව ගිය දුරකට
වෙන කෙනෙක් කිසි දින
නොගමි ලැම තුරුළට
සිහිනයකි නුබ පෙම
සදා හිත බැඳ ගෙන
පතමි ඔබ මගෙම වන
පැතුම මතු භවයක
Saturday, July 23, 2011
සිතේ සාපලත් බවනම් තොප
කිරි පොවා ඇතිදැඩි කල
මරද්දිත් අහිංසක දහස්දෙන
අලවා ලේබල් විමුකුත්තිකාමී නම්
සිතේ සාපලත් බවනම් තොප
දරුණු පහරින් රටම ගිණිගෙන
දැන් දැන් තේරීගෙන එන සැටිත්
ත්‍රස්තවාදය නම් නරුම බැව්
Thursday, July 21, 2011
හුරුබුහුටි හෙලු රූ
ලස්සන ලස්සන
හුරුබුහුටි හෙලු රූ
රගන නරක චිත්‍රපට
හිටියානම් මෙවන් කෙල්ලක්
දැක හිත හඩයි
ආදරය කරන්නට
ඒත් නෑ
උබ දකින ඔය රූප ඇත්තටම
ලස්සන වන වග
මහා කලුවරක්
ජීවිත ගිනිගෙන
ඔය රූප වල පිටුපස
Wednesday, July 6, 2011
යන්න ඈත දුරස් වෙලා
එන්න ලගට මගෙ රන්කද
කිව්ව මේ මුවින්,
යන්න ඈත දුරස් වෙලා
කියන්නට වූ බැවින්
මක් කරන්න මට නොතේරි
ගියානේ සිතින්
දෙමව්පියන් ප්‍රමුඛ වීය
ඔබ පසෙක ලමින්
Sunday, June 26, 2011
මට නම් තේරෙන්නෑ
මම හරි නිහඬ චරිතයක්
කියලා දැන දැනම
මොකද මේ ප්‍රශ්න දාගෙන?
සමාජ , දේශපාලන විග්‍රහයන්
ඔයත් එක්ක කතාකලොත්
ඔයාට හිතෙයි මට පිස්සුයි කියල,
අනික ඒව ඔයා දන්නැතුව
මම මොනව කියන්නද?
මට නම් තේරෙන්නෑ මක් කරන්නද කියල
Wednesday, June 22, 2011
මකබෑ උනාවේ
බලු වුනු කොටි පොළවපලන් ගියාවේ
කඩේ යනෙන තොපි මකබෑ උනාවේ
හදපු කැසට් පට අලුවී ගියාවේ
චැනල් හතර හෙන වැද ගිනිලුනාවේ
Tuesday, June 14, 2011
ඔයාගෙ ජීවිතය මං හින්ද නාස්ති වෙයි?
ඔයාට මතකයි නේද,
මම එක පාරක් මේක නවත්තමුයි කිව්ව.
ඔයාට ආදරේ නැතිකමකට නෙමේ,
මට වෙන කරන්න දෙයක් නැති හින්ද.
ආයෙ යාලු වුනේ
ඕනම දේකට මූණ දෙන්න හිතාගෙන
ඒත් අවුරුදු ගානක් තිස්සේ මාව හදපු
අම්මටයි, තාත්තටයි හරස් වෙන්නෙ කොහොමද
ඒත් දැන්නම් මට තේරෙනවා
අපි මේක නැවැත්තුවොත් හොදයි
මොකද ඔයාගෙ ජීවිතය ,
මං හින්ද
නාස්ති වෙලා යනව දකින්න
මම කැමති නෑ
අපි හොද යාලුවො විදියට ඉමු...
Tuesday, May 31, 2011
කට කුණුවෙය
බලනු සහෝදරි නුබගේ දෑවැද්ද
බලනු සහෝ නුබ සොහොරිගෙ දෑවැද්ද
නැතිකරනට දගලන්නේ ආණ්ඩුව
පෙළගැසුනුය කෙලවන්නට ආණ්ඩුව
කියා ගොබ් වදන් පැවසූ ජෙප්පොන්ට
ඇයි රවටනු මේ අසරණ කෙලි කොල්ල
තොපිට මොකද දැන් නැතිවුනෙ උන්ටමය
කට කුණුවෙය තොපිනම් කල නරි හැත්ත
Thursday, May 26, 2011
තොට හෙනම ගහපිය
අනික් උන් නිදහස්ව
ඇප දුන්නේ උන්ට
ඇයි මම තවම
ලැගුම් ගෙන කූඩු මත
අවුරුදු 4, 5 නොව
මොන මගුලක්ද බොල
තෝ නම් රට හරකෙක්ය කල
කාපිය තණකොලම ගෙන
කෝ ස්වාධීන බව
තොට හෙනම ගහපිය
සත්‍ය සිදුවීමක් ඇසුරින් උපුටාගන්නා ලදී
Sunday, May 22, 2011
ආචාර වේ
මතක ඇත තවම අද ඊයෙක මෙන්
වෙහෙසුනු තරම් සටනේ දිවි
මතින්
රැකුමට ලක් මවුන් රුදුරු රකුසනගෙන්
ගලවා හිස්වැසුම් ආචාර වේ මුරදෙවිපුතුන්
Sunday, May 15, 2011
කී ලොගර් වීරයන්
පෙරලා අදහස් වලින් පහර
දෙන්නට බැරිවාද නිවට හිත
ඊර්ෂ්‍යා කුහකකම් පොදිබැද
යන්නට දුරක් නම් සොයනේද?
නසන්නට අදහස් බැරි කොට
කී ලොගර් හැක්කෙරුම් පෙන්වන
බියක් නැත කික් එකකි එය මට
තම්බ්ස් අප් වේ තව දුරක් නම් යන
Tuesday, May 3, 2011
අහවල් එකද??
උන්ට එකක්
අපිට තව එකක්
උන්ට තර්ජනයක් වෙනවනම්
ඒ ගැන කටයුතු කරනවලු
යුක්තියලු ඉටුකලේ
එතකොට
අපි ඉටුකරගත්තෙ
අහවල් එකද??
Monday, April 18, 2011
සංසර්ගයට පමණක්ම
බලන්නට පෝන් රූ දැන්
කොල්ලො කෙල්ලන් එබි එබෙන්
ඇබ්බැහිව ගියොත් උන්
හෙටක් නැතිවේ ලොවෙත් නම්
ලිංගිකත්වය සංසර්ග පමණ බැව්
වැටහේලු ඇබ්බැහිවු සිතට මින්
අන්තර්ව ආදරය හුරතලය නැතිවුතැන්
වැනසේවි පවුල් මතු ගොඩනැගෙන තැන්
Wednesday, April 13, 2011
කිරි ඉතිරෙන
කැවුම් කොකිස් ගෙන
නෑදෑ ගෙට යන
අවුරුදු සැමටම
වේ කිරි ඉතිරෙන
Sunday, April 10, 2011
වියලීගිය කුසුම
රන්තරු දිලෙන අහසේ සරාසඳක් වී
ඔබ දිලෙන කොට
කනාටු පොලවේ වියලීගිය පොකුණක
මා කුසුමක් වී හඬන
ඔබ දැක සිත ඉපිලී ගියද
මොහොතකට
කරබා ගතිමි දැන
ඔබ නොලැබෙන අටිය
"මයුමි නෙළුම්"
Monday, March 21, 2011
තම සතු වූ නම් යහැක
ඔයිල් ඇත ලොව බිමක
හිතේ එය තම සතු වූ නම් යහැක
අවුස්සා මිනිසුන් ඔවුන්ගේ බිමක
ගහයි ඉහලින් පෙන්වා ආදරෙයි අපි නුබට
Saturday, March 12, 2011
පයෝදර මත නටන
කව්ලු පියන්පත් යන්තමින්
විවරව
අහස් එළි හොරැහින් යහන්මත
එබිකම් කරන
සඳ කැලුම් නුබෙ පයෝදර
මත නටන
පෙනේ
දුහුල් රෙදි අතරින් මෙමට
නෙත් යොමුව හිස පාතෙක්
සොඳුර
ඉවසුම් නොදෙ මැයි
සිත
පිම්මේ දුවන
Monday, March 7, 2011
ශිෂ්‍යත්ව සිවුර
ලැබගෙන දැනුම පොරවා ඒ කහ සිවුර
අවසන පියනගන ලන්ඩන්, ඩෙනිම හැඳ
මිල නොකලට ගරු කිරුමට බුදු සසුන
මව්බිම හඩයි දැක නලවනු බැරිය දින
Sunday, February 27, 2011
අනේ එකදවසට
එක දවසක් කල වරදට
ඇයි දඬුවම් මෙලෙසට
ආදරය අඩු වේගෙන
අනේ එකදවසට
දවස් දෙකක් සිදුකල
නම් නැතිවෙයි
ආලය සදහට
..
Tuesday, February 15, 2011
පට්ට බිසී
ඇමතුමක් ගෙන
එහාකොන හිදිනා
ඇමතීමට දැනගැනුම
පණිවිඩයක්
හතිදමයි මහා
ඉහලින්
බයත් සිතුනි
මට
අසනීපයක් දැයි?
"ඉක්මනට කියනු"
හරි වැඩලු
අනේ පව්
නැගුනි මසිතට
හෙව්වත් මිටි මුදල්
වැඩක් නැති හැටි
අම්මපා නැතිව
සැහැල්ලු මනසක්
Sunday, January 30, 2011
මා කල වරද නම්
වෙන්වෙන්නට සිදුවෙනම්
ආදරය කලේ කිමද මෙලෙසින්
නොපෙනෙන්නටම ගොස් දුරින්
මා කල වරද නම් කුමකින්
පැවසුවේ දා හදවතින්
ආදරෙයි පෙම්වත මෙලෙසකින්
මුදල් අඩු මදි කමින්
දෝ වෙන යහන් මත අද හිදින්
Friday, January 14, 2011
හරියාපන් දෙවියනි
මම රෑ වී ෆේස්බුක් යන වෙලාවේ
චැට් කෙරුමට ආවයි ඇය සිනාවේ
ස්ටක් විය චැට් බොක්ස් මක් වුනාවේ
හරියාපන්, දෙවියනි ඇය නොයාවේ
Tuesday, January 4, 2011
ද්‍රවිඩ බල දෙවොල
ගියේ දකිනට දෙවොල උතුරුකරයෙන්
වැඩසිටීලු මුරුගන් වේ නිරිදු යහපත්
යන්නට සැරසීද බැලුමට සිත්තම්
අත දමා නැවතීය පොලිස්පති මුරකම්
ගැලෙවුමට අණ වසා සිටි රෙද්ද උඩුකයනම්
නොකර ඇතුලට යාම නම් අතිශයින් තහනම්
එනමුදු ගැහැණු යයි විලිවසා සැමතැනින්නම්
කිමද පිරිමින්ට පමණක් පිරිසිදු කමක් හෝ සෙව්වානම්
පලමු තැන්ගත් මුරුගන් සිටී කතරගම නම්
කිසිත් නැත එමුදු තරහ වී නෑ දෙවෙදු මේ කල්
කැමති අකමැති තීරණය තමසතු කරීනම් මුල්තැන්
සංස්කෘති බල රජ කරනු කැමතිවේදෝ නුබ නම්
Saturday, January 1, 2011
අලුත් දිනයේ
උදාවන්නේද අලුත් දිනයේ
පිරීයන්නේද ලොසිත් සතුටේ
පැතුම් ඇත්තේද උතුරනාසේ
ඉටුවීල සැනසේ අලුත් අවුරුද්දේ......
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)