හතිලිස් අටෙන් පසුවට
නැගුනු ජාතියේ වීර හඬ
පරයන් පරදවා නැගෙමින්
ලැබූ ජය එක් සේසතින් රට
වෛරයේ ගිනි පුපුරු මත
බුර බුරා නැගෙන විදෙස් හදවත්
උත්සුකව මරා විරුවන්
පත්කරනු තැත යලිත් රූකඩ
අවදිවව් මව් කිරි බිවූ මිනිසුන්
පෙළ ගැසෙව් උතුම් ලක්දෙරණ වෙනුවෙන්
තබා සිහිනුවන කටයුතු කරන් නිතැතින්
රැක ගනිව් අප ලත් උරුමයම සියතින්