Monday, April 18, 2011

සංසර්ගයට පමණක්ම



බලන්නට පෝන් රූ දැන්

කොල්ලො කෙල්ලන් එබි එබෙන්
ඇබ්බැහිව ගියොත් උන්
හෙටක් නැතිවේ ලොවෙත් නම්

ලිංගිකත්වය සංසර්ග පමණ බැව්
වැටහේලු ඇබ්බැහිවු සිතට මින්
අන්තර්ව ආදරය හුරතලය නැතිවුතැන්
වැනසේවි පවුල් මතු ගොඩනැගෙන තැන්


Wednesday, April 13, 2011

කිරි ඉතිරෙන



කැවුම් කොකිස් ගෙන

නෑදෑ ගෙට යන
අවුරුදු සැමටම
වේ කිරි ඉතිරෙන

Sunday, April 10, 2011

වියලීගිය කුසුම



රන්තරු දිලෙන අහසේ සරාසඳක් වී
ඔබ දිලෙන කොට
කනාටු පොලවේ වියලීගිය පොකුණක
මා කුසුමක් වී හඬන
ඔබ දැක සිත ඉපිලී ගියද
මොහොතකට
කරබා ගතිමි දැන
ඔබ නොලැබෙන අටිය


"මයුමි නෙළුම්"