Sunday, February 24, 2013

සිව් හෙලයේ සිංහලයන්




ඉතිහාසය උගන්වන්න
මරක්කලේ තම්බි පැටව්
පැවත ආවේ විජයගෙන්ලු
තොපි දන්නා තරම තමයි
යක්ශ දේව නා රාක්ශ
සිටියා බොල මේ සිරිලක
එදා පටන් තුරු රැකුමට
සිව් හෙලයේ සිංහලයන්


 

Sunday, February 10, 2013

අද උඹ ලඟ






 

Saturday, February 9, 2013

බලියා කට නොසිට



ලබාගන් සම්පත්
ලඟට
නිකන් එන බලියා කට
නොසිට
මුගුරුවූ දහසකුත් දහඩිය
පෙලක
පෙනේ මැණිකක් වටිනා
සැමට




 
http://blogawards.radiokalutara.com/





Friday, February 8, 2013

වෙහෙසී දැන්නම්


පියවරක් නොමැතිව
ලතවෙන සිත
දුවයි , ඒ මේ අත
ලස්සනද , දැනුමද , රූ සපුවද , පවුල් පසුබිමද
සොය සොයා
තෝරගත නොහැකි අවසානයක
කාලය ගතවී
හිරු එබෙන, මූහුද සිපගනින
අනේක වාරයන්, දැක දැක පමණක්ම
වෙහෙසී දැන්නම් , 
සොයයි ඕනෑම කෙල්ලක් නම් දැන්

Thursday, February 7, 2013

දහසක් නෙත් උකුසු




පනිනා පිම්මෙන් අවුරුදු,
වගකිවයුතු දිවියක මායිම්.
බලා සිටී දහසක් නෙත් උකුසු.
හරිහැටි නොපෙනුනද නුඹට,
සමාජ පැවතුම් , පාරම්පරික සුරැකුම්,
හා දෙමාපිය ගුණයන්.
අනේක නොකී දෑ සමග,
රැකගන් නුඹව සමගින් ගෞරවයෙන්..


 

Wednesday, February 6, 2013

නුවමනා මැයි




ශෘන්ගාර රතියේ රඟනු
නැතිද මුත් මම,
නුඹ කියනා සතුට
නුවමනා මැයි
තෙක් මගේම එක්වනු
එක් එකියක සමග

Monday, February 4, 2013

මමද වේ


යොයනා අලංකරන ඉන්ගිරිසි
නැතිද මුත්
මමද වේ
නොගැලපෙන
නුඹට
පාරම්පරික පැවතුම්
රකිනා
ග්‍රාමීය ඉහල මධය්‍යම පාන්තික