Wednesday, December 11, 2013

වෙව්ලනා දෙකකුල්



වෙව්
නා දෙකකුල්
කිසිදාක නොවූ ලෙසකට
යමක් පැවසීමටවත් බැරිව
කට ලොප්ව
යොමුවූ ඇස් වලින්
ඉඟිකරනා බැව්
සුරංගනාවියක් දෝ
ළඟම හසුනේ උන්

Friday, November 1, 2013

පෙවූ ඒ විරු කිරට




කැපකලාවූ රුධිරය මතින්
සිව් හෙලය අද එක් සේසත්ව
උත්තමාචාර වේ මව්නි
පෙවූ ඒ විරු කිරට

Friday, September 27, 2013

අන් බසට රැවටී



අන් බසට රැවටී
වෙනස් වී ඇති බැව්
වැටහේ මුත්
කුමක් අසන්දෝ මා


මට මතක
නුඹට අමතකද?
අතීතයක් වසර ගණනක
සේදී ගොස් හැඩයි ඔය ඔලුවද හිතද .

Monday, August 5, 2013

බහු රූ කෝලම්




කෙසේනම් හික්මවම්

බහු රූ කෝලම්
දකිනා ඇස්
යමක් හිතන්නට මත්තෙන්




Sunday, June 16, 2013

අප්පච්චී



වැගිරූ දහඩියක්
කොපමණකැයි
නොදනී මුත්
සියල්ල ඒ වූ
අප වෙනුවෙන් බැව්
දැනේ වටිනාකම්
නිමකලනොහැකි වූ
"අප්පච්චී" ඔබ නම්



Friday, May 17, 2013

ඒ වූ තීරණාත්මක දිනය




ඒ වූ තීරණාත්මක දිනය
මව් බිම් ලෙයින් තෙත්කල රුදුරු ත්‍රස්තවාදියා
නන්දිකඩාල් කලපුවේදී ඊලමද සමග සැඟවයන්නට උනා
තිස්වසරක ශාපලත් යුද්ධය අවසන්ව
මාගේ උතුම් මාතෘභූමිය නිදහසේ හුස්ම ගන්නට විය
ඒ නිදහස් අරුණලු රැගෙන හෙටට සිව් වසරක්
අද ලක්මෑණියන් සිව්කොන එකට යාලූ නිවහල් දේශයක්
එවන් වූ නිවහල් දේශයක් ලබාදෙන්නට දිවිහිමියෙන් සටන් වැදි උදාර විරුවණි ,
ලේ , මස් , ඇට , නහර දන් දුන් ද , දිවි පිදූද අභීත විරුවනි ,
මේ දේශය වෙනුවෙන් කලාවූ ඒ මෙහෙවරට ඔබට

අපගේ උත්තමාචාරය


වදන් කීපයක් උපුටා ගැනීම හිරු ටීවී ආයතනයෙනි

Sunday, May 12, 2013

"අම්මාය" නුඹ




ණය ගැතිය මා
සසර අවසන තෙක්
දැරූ දස මසද
පෙවූ ලේ කිරද
"අම්මාය" නුඹ
කිසිවකුට සම නොවන

Tuesday, April 2, 2013

අඩා ජාතිවාදියා



ඩෝසර් විය පන්සල්
හ්ම්....
පදිංචි විය කුරගල උන්
හ්ම්....

"රැකගනියව්, මේ අපේ උරුමය"

අඩා ජාතිවාදියා....



Sunday, February 24, 2013

සිව් හෙලයේ සිංහලයන්




ඉතිහාසය උගන්වන්න
මරක්කලේ තම්බි පැටව්
පැවත ආවේ විජයගෙන්ලු
තොපි දන්නා තරම තමයි
යක්ශ දේව නා රාක්ශ
සිටියා බොල මේ සිරිලක
එදා පටන් තුරු රැකුමට
සිව් හෙලයේ සිංහලයන්


 

Saturday, February 9, 2013

බලියා කට නොසිට



ලබාගන් සම්පත්
ලඟට
නිකන් එන බලියා කට
නොසිට
මුගුරුවූ දහසකුත් දහඩිය
පෙලක
පෙනේ මැණිකක් වටිනා
සැමට




 
http://blogawards.radiokalutara.com/





Friday, February 8, 2013

වෙහෙසී දැන්නම්


පියවරක් නොමැතිව
ලතවෙන සිත
දුවයි , ඒ මේ අත
ලස්සනද , දැනුමද , රූ සපුවද , පවුල් පසුබිමද
සොය සොයා
තෝරගත නොහැකි අවසානයක
කාලය ගතවී
හිරු එබෙන, මූහුද සිපගනින
අනේක වාරයන්, දැක දැක පමණක්ම
වෙහෙසී දැන්නම් , 
සොයයි ඕනෑම කෙල්ලක් නම් දැන්

Thursday, February 7, 2013

දහසක් නෙත් උකුසු




පනිනා පිම්මෙන් අවුරුදු,
වගකිවයුතු දිවියක මායිම්.
බලා සිටී දහසක් නෙත් උකුසු.
හරිහැටි නොපෙනුනද නුඹට,
සමාජ පැවතුම් , පාරම්පරික සුරැකුම්,
හා දෙමාපිය ගුණයන්.
අනේක නොකී දෑ සමග,
රැකගන් නුඹව සමගින් ගෞරවයෙන්..


 

Wednesday, February 6, 2013

නුවමනා මැයි




ශෘන්ගාර රතියේ රඟනු
නැතිද මුත් මම,
නුඹ කියනා සතුට
නුවමනා මැයි
තෙක් මගේම එක්වනු
එක් එකියක සමග

Monday, February 4, 2013

මමද වේ


යොයනා අලංකරන ඉන්ගිරිසි
නැතිද මුත්
මමද වේ
නොගැලපෙන
නුඹට
පාරම්පරික පැවතුම්
රකිනා
ග්‍රාමීය ඉහල මධය්‍යම පාන්තික




Tuesday, January 29, 2013

උරනා තාලෙට



ලැබෙන්දෝ දැයි
උරනා තාලෙට
වින්දනීය පහසක්
ශෘන්ගාර රසයට සමාන
මූණ පිරා පැතීරී යන
අමුතුම රටාවන් නෙක
මාද මවිතව
උරන්නට මටද
මොහොතක්
සිතීමුත්
එකවිට කල්පනාවට
ඒ මහත් අවවාදය

"දුම්බීම පිළිකා ඇතිකරයි"



Sunday, January 13, 2013

සිංතටික් ලෝකය



සුනු විසිනුව

ඔබ දැක
නිතර පෙනෙනා
හායි මෙයාලා
හා

ජෙල් කොල්ලන්ගේ
සිංතටික් ලෝකය


යොමුව
[CODE]http://www.divaina.com/2013/01/13/feature04.html[/CODE]



Wednesday, January 9, 2013

නාමයෙන් සිඳලාවූ කැකුළු මල



නාමයෙන් සිඳලාවූ
අහිංසක කැකුළු මල
ගැන
දුක්වූවද
අප
උන්ගේ නමින්
නැත
කිසිවෙක් උන්ටවත් දින
අද




Friday, January 4, 2013

ස්වාධීන හේ, විටෙක


අන් අයවලුන් විශයෙහි
ස්වාධීන හේ,
විටෙක
තම සගයන් වෙනුවෙහි
එක් පසට වන්නාය....

Tuesday, January 1, 2013

සුභ 2013 වේවා.....



උදාවන නව ඉරක

සොඳුරු සිතුවම් රැගෙන
යන ගමන පැතුම් බැඳ,
වේ වාසනා ඉටුවන

සුභ 2013 වේවා.....