Tuesday, November 23, 2010

පළිගනිමි නිසැකවම



උබ නරුම තිරිසනෙක්

බව දනිමි මම
උබ මා නොදන්නවුද
මම උබව හැදින ගති
දිනක සොයා යමි
තොප සොයාගමි
අත් පා වෙව්ලන්නේ
උබව ඉතුරු නොකරන්නට
ලෝකෙන්ම උබට පමණක්
මා සිත ගිනිගන්න වෛරයක්
මේ අද ලියන්නේ අවසන්
අනතුරු ඇගවීම
දිනක උබ සොයා එන වගට

Thursday, November 11, 2010

නිදිවදින යහන් මත



පැණි හඳක රස ගෙනන
රැයක් ඕ සෙව් වෝ
නිදිවදින යහන් මත
පෙමින් සෙතපෙන්දෝ
දිවිය ලස්සන දිනක් ඇති ලොව
එයම මෙය වෙන්නෝ
වැඩේ අහවර රතු පාට බිඳු
සොයා වැළපෙන්නෝ

Tuesday, November 2, 2010

වේය නුබ මා රැඳුනු



නුබෙ රුවට ඇස ඇදුන

සිත වෙතට සිත ඇදුනු
අත ගනිමි නේ සිනිදු
වේය නුබ මා රැඳුනු

අද දුටිමි මල් කැකුල
හෙට දකිමි නේ පැතුම
සුවද ඇඟ කිතිකන්න
සිහිනයෙන් දැකගන්න

ඇය එනා කනිසමට
රැකහිදිමි පවසන්න
දුටිමි නුඔ පියනගන
සිගිති දරු තුරුලෙ හොව