Thursday, October 29, 2009

මනුෂ්‍යත්වයේ නාමයෙන්


මනුෂ්‍යත්වයේ නාමයෙන්

කාවද්දාලනු පිණිස
උතුම් වූ සිතුවිලි සමුදායන්
නුබේ සිත පතුලටම
පවසමි පහන් වු සිත් ඇතිව

නොදෙන්නට දුකක් කිසිවෙකුට
එක් මොහොතකට හෝ
තමන්ටද මහත් කරදර දිනකදී
නිසැකයෙන්ම හිස මතට පතිතවිය හැකි බැව්
තබාගත යුතු සිහි නුවණින්

අවසන් වුවත් කණගාටුවේ හෝරාව
එකෙකුගේ හිත් කොනින් මැකී ගියමුත් සදහට
දැකිය හැක බැලුවොතින් තත්පරයක් පසුපසට
වේදනාවන් නොමියෙන මතකයක
අනෙකාගේ මුළු ආත්මයම බිලිගෙන

Monday, October 26, 2009

වෛරයක් නෑ මගේ හිත තුල


එපා කිව්වත් නුබ මට
ගියා නුබ හැර දමා පිට රට
ආයෙ එනවානෙ මම නිසැකව
නුබ මගේමැයි කර ගන්නට

ගියේ නුබ හැර දමා මේ ලෙස
අනාගත පැතුම් ඉටුකරනට
අපි අපේ වෙන මතු දවසක
සිහින මැව්වනේ මම හැම දින

ඇමතුවා නුබව පුලුවන් වු හැම විට
ගතවුවා දවස් මෙලෙසින්ම විගසට
අංකය වැරදීය දිනකදී අමතන
සිත කලබලය වැරැද්ද නොවැටහෙන

දැනගන්න ලැබුනා නෙ නපුරු වූ සිද්ධිය
නුබ දැන් වෙන කෙනෙකු ලග හිද දැවටෙන
වෛරයක් නෑ මගේ හිත තුල
පතමි සුභ පැතුම් සොදුරු මතු දිවියට

Saturday, October 24, 2009

ආදරණීය සොරකම


නූතන කාල සටහනක් තුල

ජීවිතය ජයගන්න අපහසුය බෝ විට
එය අන් කවරකුද නිසා නොව
ආර්ථික කෙනෙහිලිකම්ම අප වට කොට

හිරේ ලැග්ගාට කල මේ වරදට
දුකක් නම් නෑ මට කිසි විට
අති එකම දුක මා දවාලන
මවට මක් වීද දැයි මා නොදනින

නැත මුදල් මවගේ බෙහෙතට
සොරකම් කලේ ඒ නිසයි පලමුවර
කරන්නට කිසි දෙයක් නැතිකොට
අනේ මම මක්කරන්නද ඒ හැර

Tuesday, October 20, 2009

අමතකද බොල මේ අපේ භූමිය..


සිංහලේ දේශය , බුදු පහස ලද

උරුමකම් කියන සිය දහස් වසකට
නිල්වන්ව පෙනෙනා ගුවන් තලයට
එකම රට මෙය මුලු ලොවක් මවිතකල

ඈත අතීතයෙ පටන් දිගටම
නසන්නට අප හෙළේ දිවයින
කලත් උත්සහ දිගින් දිගටම
නොහැකිවිය දැක වීර තෙද බල

තවම පවතී එකී පිළිවෙත
ජාති ආගම් වනසමින් අද
නැගිටියව් තොපි නිදිද තවවම
අමතකද බොල මේ අපේ භූමිය

Friday, October 16, 2009

කුළුදුලේ ගැහැණු දරුවා



කුළුදුලේ ගැහැණු දරුවා
ඉපදුනු කලට මෙලෙසා
වාසනාව නිවසට කැන්දා
ගෙනෙන බව කියයි අපේ මුත්තා

වාසනාව කවරක් විලසා
එක විටම නොතේරෙයි මෙමටා
සොයාගෙන කුළුදුල් දරුවා
ගියා ගෙයකට උදේ වරුවා

වයස විස්සේ කුළුදුලේ දරුවා
ගෙදර වැඩ ඉහ මොලද පුප්පා
දහඩියද හැම තැනින් බේරා
බිමට වැටුනේ ටිකි ටිකි හඩද නංවා

වැටහුනා සත්‍ය හොදට මෙමටා
වාසනාව නිවසටම කෙලෙසා
බුරුතු පිට වැඩ ඇයට සැමදා
අනේ කුළුදුල් දුකක තරමා

Monday, October 12, 2009

ආදර සෙල්ලම්


ආදරය නැවතිලා

සතියයි
මෙන්න තව කෙල්ලක්
කොහොමද එහෙම
ඕක ඇත්තටම හිතක්ද?
උබ ආදරය කලේ නෑ නේද
ජීවිත එක්ක සෙල්ලම්
විදවයි දවසක සත්තකින්ම

Friday, October 9, 2009

සිතන්නට විදියක්


මිරිකෙමින් පීඩිත වූ හැගුමින්
ඇස් පියාගත්තද නින්දට
සිහිනයෙන් පවා බිය වන
අසුභ වාදී සිතුවිලි සමුදායන්

ලැගුම් ගෙන යටි සිත වසාගෙන
සැබැවින් සිදූවීද නැත තවම
ඉදිරියට සිදුවේදෝයි මවාගෙන
විදින දුක් ඉහ මතම පටවාන

සිහිනයෙන් වුවද සිනහ නංවන
අසුභ වෙනුවට සුභ එකතු කොට
පතුරුවාහල යුතුය සිත තුල
දිවිය සුමිහිරි එකක් ලන්නට

Wednesday, October 7, 2009

මහත්මයාණෙනි...


සිතන්නට මොහොතක්

රාජකාරිය
ඔබගේ තනතුර
වඩා වටීද
සැබැවින්ම
ඔබ ලඟ සිටින
මුළු දිවියම
ඔබ සමඟම
ඔබගේ දියුණුවම
පතන
බිරිඳටත් වඩා

Monday, October 5, 2009

ජොබ් නැත


කනක් එහෙන්න නෑ
හරිම කරදරේ
පත්තරේ බැලුවද
ඉන්ටර්නෙට් දාලද
උදේ ඉදන් රෑ වෙනකන්
එකම පටිය
එහෙට මෙහෙට
අම්ම කෑ ගැහැව්වට
මම මක් කරන්නද
පත්තර නම් කීයක්
ඉන්ටෙර්නෙට් එකේ දවසම
අපිව ගද්දි බැරියැ
ඇමතියගෙ ලිස්ට් එකෙන්ලු
ඔක්කොම

Sunday, October 4, 2009

පිපාසිත පාඨකයෝ

සාමාන්‍ය ක්‍රියාවලියෙන් ඔබ්බට ගොස් , රූපානුසාරයෙන් ඉදිරිපත් කල වගයි..

අඩුපාඩු බොහොම බැවින් , ඒවා නිවැරදි කොට ඉදිරියට යාමටයි බලාපොරොත්තුව .....

[YOUTUBE][/YOUTUBE]

Saturday, October 3, 2009

අවසානය නව ඇරබුමක් වී.....


ගැටළු කන්දක්
ආදරය , ජීවිතය එකක්
තුල මැදිව මා
ජීවිතයේ සතුට තවදුරටත්
අවශ්‍යව
අතහරින්න ආදරය

අවසානයක් බලාපොරොත්තුව
මා සිත ඇය වෙත
නොසිතූ ලෙස සියල්ල
වෙනස්වී
අවසානය නව ඇරබුමක් වී
නැවතත්
පෙර නොසිති ලෙස

ආදරය , සැබෑ ආදරයම වී..................

සමාජ හැලිය



සමාජය නම් නපුරු.

යහපතක් නෑ කිසියුරු.
සිතමින් මෙසේ සැමයුරු.
සිටී ගෙයි මුල්ලේම නිරතුරු.

ඇයි ද ගෙයි මුල්ලට.
වැටුනේ නම් කෙලෙස.
එක් නපුරු සිදුවීම ගෙන,
දැම්මා නේද සමාජය පොදු කොට..

යහපත නපුර මුසුකොට,
දමා ඇත සමාජ හැලියේ එකට.
ගත්තොතින් තෝර බේරා නුවණ
නතර කල නොහැක බිහිවන උගතෙකු
හෙට දිනක.....

ආදරය කලේ මට නොවෙද?

තුන් වසක් ආදරය කලා
ඔය දෑසට
ඇත්තමයි ඔයා
මුලු ජීවිතයම මගේ,,

ඇයි මෙලෙස වෙන්වුනේ
මා සිතින්
ආදරය කලේ මට නොවෙද??
මා සතු දෑට

නුබේ සියලු ඉලක්කයන්
සපුරා ගත්තද මා මුදල්
වලින්
සමාව දෙමි මම නුබට

කොහේ සිට පැමිණි
කොල්ලකු සමග හාදකම්
ඉවසන්න බෑ මේ හිත
තව මොහොතක්

මරණය සැපය
හිත් වේදනාවන් ඉවසිය නොහැක
මැරි මැරී මොහොතින් මොහොත
එක් විටම මියැදෙන්න.

හිස තබා රත් වූ උන්ඩයක්
නුබ ගේ ඉදිරිපිට
මියදුනා මම
ලේ විසිරී දෝර ගලනා
පවසන්න ආදරයක තරම

මරණය


වයස කිව්වොත්
අවුරුදු 60 - 70 ක්
නෑ කිසිම අසනීපයක්,

ඊයෙ හොදට කතා බහ කරලා,
මෙන්න අද
සදහටම දෑස් පියාගෙන.

අපිට හිතාගන්නවත් තියා
එයා දන්නෙත් නෑ......

අනේ කොච්චර වාසනාවන්තද,,
මේ මිනිස්සු දුක් විදින දිහා
බැලුවාම,,

සති ගනන් මාස ගනන්
හිතා ගන්නවත් බැරි ලෙඩ රෝග,

කරුමෙ තමයි ඕකට කියන්නෙ

පිනක් දහමක් කරන්
ඉන්න ටික කාලෙ..
හිටියොත්..................

මහ කෙරුමො බයවෙලා


මහ කොටියගෙ මගුලෙ
සාක්කිකාරයව
කොටුකරන්,

ලෝකෙ මහ බලවතා කියලා
කියාගන්නා අයටත් නැති
මුදල්
වූ ලගලු,

බටහිර කෙරුමන්ගෙ
සංගමය හරියට
බයවෙලා,,,

ඒ සල්ලි අපි ගනී කියල

ඔන්න දැන් ගිනුම් ටික
තහනම් කරන්න කියල
හදනව වගේ

අනේ මුන්ට ,,

චමත්කාරය..


තනිකඩ ජීවිතය
කෙලිදෙලෙන් පොපියන
නිදහසෙන් දිවිගෙවන
අපගේම තාලයට.

යනෙන විට මග තොට
පෙනෙයි ආදර දසුන් ඉදහිට
ඒ සතුට විදගන්න
නොසිතෙන්නේනම් කාට

ලන් වුවොත් ආලයට
නිදහස මැකී යයිදෝ සදහට

ගත්තොතින් ඒ සිත් හදුනා හොදට
හැමකල තිබෙනු ඇත,,,,

..............පොපියන චමත්කාරය.........

සාරවත් පස්පිඩ



බීජයක් පතිත වී

සාරවත් පස් පිඩක
වැහි ජලය , හිරු එළිය
සුවදවත් පරිසරය

දළුලමින් නැගී එන
ශක්තිමත් ශාකයක
නිමිති පෙන්වයි යසට
දිනෙන් දින , දිනෙන් දින.

වැඩී ආ ශාකය
ඵල දරා පරිපුන්ව..,
තිබෙයිදෝ මේ ලෙසට
නොවන්නට සාරවත් පස්පිඩ

මහා තරගය..


හිස දරන් පැතුම්

යුහුසුලුව,
කාලය සමග
ඉදිරියට.

සියල්ලම එක පොදිය
දුවයි එක අරමුණක
පරදින්න අකමැතිම
මහා තරගයක

ටික දුරක් දුවන විට
හති දමයි බහුතරය
වතුර උගුරක් දෙන්න
කෙනෙකු නැත ලග පාත

සුලුතරය ඈත ඉම
දුවයි ආ විලසටම
නොතේරෙයි ඒ කෙලෙස
රහස කොතැනද රැදෙන....

වාරණය..



සැමගේ උවමනාවක්,

එලවලු , පළතුරු මෙන්ම
පාන් කැපීමටද පවා,
පිහිය....

දිනක් අයෙක්
සිදී හිස
ශරීරයෙන් වෙන්කොට

මහා මිනිස්
ඝාතනයක්

හසුවී ලේ තැවරුන
පිහිය

ක්ෂණිකවම වාරණයක්
පිහියට.

මගහැරීම


ඔබ අතින් වැරදීමක් , මගහැරීමක්

උවොත්
වෙයි එය,,

ගැටලුවක
පැමිණීමක්.

පැන නොයන් කිසිවිටක
සොයන් විසදුමක්
ඔබට හැක එය.

ගනී ජය නුබ

දැනේ නුබ හට
දිවිය කෙතරම් මිහිරිද
පෙර නොවු
ලෙස.....

නමුත් නුබ දැන
ගත
යුතුය මෙය

නැවත නොකරන්
වරද නුබ කල.............

කැපකිරීම


කැපකරන් දෙයක්, ලැබේ නම් යමක්
මගේ හිතේ මෙය, කියයි බොහෝ දෙන,,

කීවොතින් මම , වැරදි යැයි එය,
එකග වෙනවාද , මා මෙන්ම නුබ?

වෙනස් විය එය , තුල මගේ සිත
වේනම් යහගුණක් ,කැප කරන් යමක්

සිදුවුනොත් ඵල දෙයක් ,
දෙයින් කල කැප

සතුටු වෙයි අපි සැවොම,
ඉපිලේමින් හෙට දවස.................

හැගුනි මට


ජීවිතය කෙතරම් මිහිරිද,,,,,

හැගුනි මට හැම විටම.....
නැත දුකක් කිසිවිටක ,,
සතුට උතුරා ගලන.......

ලන් උනා කෙනෙක් මා වෙතට
හැගුනා මගේ කොටසක් විලස,
හිතුනා ඇගෙන් විමසන්න
ජ්විතය අගනේද?

පැවසුවා ඇය මා සමග
සිහිනයන් බිදි ජීවිතය,,,,
වැටහුනා මා හට
දිව්ය පැටලිල්ලක්ම වග..

වුවානම් දුක් මා හට
කෙසේ නම් ඉවසම්ද....

පැලී මා පපුව , මැරීයයි මොහොතින....

සිනා මුහුණු..........


උදේ දවල් රෑ
හැම මොහොතකම දකින මුහුණු
සිය දහස් ගණනක්
සිනා වලින් පිරුනු
කතා බස් ,,එකිනෙකා
බැලූ බැලූ අත.
තමන්ට පමණද මහමෙරක් උසට
ප්‍රශ්න
නැත කිසිවිටෙක ,
එලියට පෙනෙන මුහුණු නොව
අතුලත
ප්‍රශ්න කන්දරා ,
අහස උසට
එබී බැලුවහොත් අතුලතට
නිසැකවම ඔබට
පෙනෙනු ඇති වග....................

විශේෂිත චරිත......



සිය දාහක් මිනිසුන්

විවිද තරාතිරම්
විවිද අදහස්
ඒ අතරින් ඉදිරියට ,
විශේෂිත චරිත......

එය ඉවසන්නට නොහැකිව හඩාවැටෙන,
තමන් විශේෂිත ව්න්නේ කෙසේදැයි
නොසලකා හැර,

උත්සාහයක බිදලන්න
ඉදිරියෙන් වූ චරිත
උපරිමයෙන්

කිසිවිටෙක හැකිනොවන වග
සත්‍ය නම් බුදුන් , දෙවියන්
ලොව පහල වූ බවට , ඉන්නා බවට.........

මෙහෙමත් කටු කෑමක්.....


බලාපොරොත්තු පොදි ගත්

මා සිත
බලා සිට්යා ඈ හමුවනතුරු,,,...

ඒ දිනය උදාවනතුරු
මා සිත,
නිදි වර්ජිතව හැමවිටම..

සියලු වැඩ රාජකාරි
නොසලකා හැර,
බැනුම් පොදි පිටින්.
ගෙදර උදවියගෙන්,

හෝරාවෙන් හෝරාව
ඇය එන මොහොත
මා දෑස් එක එල්ලයෙන්
පහු උනත් කාලය
තාමත් මා අදරණීය දෑස්
එසේම

හිත ගැස්සී තකහනියක්
දුරකථනයේ කෙටි පණිවිඩයක්
අද නො එන බවට

මා සිත යක්ෂාරූඩ වී
මොහොතක් බිම බලා
කල්පනාව

අනේ මෙහෙමත් කටු කෑමක්.................

මුහුණේ තියන ලස්සන හිතේ තිබුනනම්................


ඔය මුහුණ,
ඔය ඇස්,
ඔය කම්මුල්.
ඔය දෙතොල්,, අනේ කොච්චරනම්
ලස්සනද,,,,
ඒකයි , මගේ සිතේ මෙච්චර ආදරයක්,,
කාලයක් ගතවුනා....
ඒත් ඒ අදරයට මොනව වුනාද කියල
මටනම් තේරෙන්නෑ
මම හිතුවෙ ඔයා මට ඇත්තටම
ආදරය කලා කියල,,,,

ඔය මුහුණේ තියන ලස්සන
හිතේ තිබුනනම්................

පඩිසන් දෙයි දිනක.........


ඇරබුවත් මේ දිවිය
වටිනාම වූ මිනිසෙකු විලස
තේරෙන බහේ සිට
කලෙ විපත්
සියොලග දවන..,

සැමදාම පාසල්,
ඉරිදාට පන්සල්,
යහගුණ දෙකම
ඉගෙන ගත්තා නොවේද?

දැන දැනම කරන
මේ විපත් ලොවට,
පඩිසන් දෙයි දිනක..
කම්පා කරමින්ම ම මිහිතලය....

කෙතරම් සුන්දරද..


පුන් සද අහස් කුස

එකලු කල ,
මිහිතලය සිප
සුදෝ සුදු පැහැය
සතර අත.....
සිත නිවී සැනහෙන
දිනය.
බුදු කුටියට
අප සැවොම
අමතක කර
වේදනාවන් මොහොතකට
කෙතරම් සුන්දරද
මසකට එක්
දිනක් වත්
පියනගන

පියා හරි උතුම් ලොව...


පුංචි අවදියේ සිට

සියලු දේ ඉල්ලන
අඩන සිත සනසන්න
ලගටම ගෙනත් දෙන

ලොකු මහත් කරවන්න
දරන වීරියක මහත
රෑ , දවල් වෙහෙස වී
අපමණක දුක් ගැහැට විද

ලොකු මහත් දරු දැක
අපමණ සතුටක් එ සිත තුල
නොපෙන්වා කරන සෙනෙහස
පියා හරි උතුම් මේ ලොව.....

නැත මවගෙ උණුහුම....


පුංචි පවුලක්

ආදරය ඇති
වටී හරි ලොකු
නිල් මැණිකකට වැඩි

තිබූ සෙනෙහස
බිදී යන්නට
රාග සිතුවිලි
ඉස්මතුව විත්

හැඩි දැඩිව වැඩි
නාදුනන කය
දැක මවගෙ සිත
ඇදී ගෙන ගිය

හිරු එබී උදෑසන
බලන විට පුංචි නිවහන
නැත මවගෙ උණුහුම
ගිහින් දුර ඈතකට.................

හිතක් ලං වෙලා....



තනියම ඉන්න කාලෙ වගේ නෙමේ..,

දැන් මේ හිත ගාව
තව හිතක් ලං වෙලා ,,
හරියට
එකට ගුලිවෙන්න වගේ...
උණුහුම වැඩි වෙන්න
වැඩි වෙන්න,
ආදර දංවැල,
හරි තදට ,
හිත් දෙකම වෙලාගෙන...
කවදාවත් වෙන් නොවන
විදියට,
ඒ ආදරය
සසර පුරාවට
තියේවි..........

හොදම යහළු..........


උපන් දිනයේ සිටන් අප

සැම
ඉදිරියට යයි සබදතා
සමගින
මව , පියා , නෑ වරුන්ගෙන්
පසුවට
යහළුවන් පැමිණෙන්නේ
අප වෙත
ඒ යහළු , මේ යහළු
අතරින
තෝරගෙන එකෙක් හොදම යාළුවා
විලසට
අපේ අනාගත දිවිය
බෝ විට
පවතින්නෙ ඒ වූ සබද
සමගින
තෝර බේරා හරිම
ණුවනට
ගතයුතුය ලංකර ඒ යහළු
අප වෙත

උරුම වූ දිවියේ මිහිරිතම බව...


(මාගේ පෙම්වතිය විසින් මා හට එවන ලද කෙටි පණිවුඩයකි...)



සොදුරු වූ නිමේෂයක
අතරමං වී,,
ඒ මිහිරි වූ අදරණීය
මතකයේ..
ආශ්වාද ජනක හැගීම්
කරපින්නාගෙන,
එක මොහොතකට
දැහැන් ගත වෙන්නට
ඇත්නම්..............
එයයි ම උරුම වූ
දිවියේ
මිහිරිතම බව.............






ගොඩ ගන්න ඔබගෙ ජීවය...


තරුණ කාලය

කෙලිලොල් බවින් පරිපුණ
නව අත්දැකුම් පසුපස
මොහොතකින් හඹායන

හොද සහ නරක දෙක
ඇත ගැබ්ව ඒ අතර
නරක තදටම වැළදගෙන
හොද සතයකට වටිනු නැත

දැක දැකම විනාශය
ඇයි ද ඒ පසුපසම
නුවණ පාදා යසට
ගොඩ ගන්න ඔබගෙ ජීවය...

ලොවක් පතනා උතුම් සෙනෙහස


ඇතිවී අමුතු හැඟුමක් මුල්වරට,

ඔය දෙනෙත් දෙස වරුවක් බලාසිටියා මම.
හදවතේ ගැස්මද අමුතු තාලයට..
අමුතු හැඟුම මා මවිත කරවන...

දැනුන ඒ හැඟුම මා මවිත කරවන.
සිතුනා ආදරයම බව කලක් යනවිට.
ලොවක් පතනා ඒ උතුම් සෙනෙහස,
දිය හැකිය මටත් දැන් අඟනක් වෙත.

පැවසුවා ඇයට මම ආදරේ බව
දෙසිත් බැඳුනා එකක් විලසට
ආදරය සිත් පවතිනා කල,
දිවිය මිහිරිය සතුට උතුරන...

සැබැවින්ම නොදනිමි.............


සද කැලුම් පිරී ගිය අහස් කුස
උදා වී..
සිත නිවන පුන් පොහෝ දින.
සුදු දෝනි , අම්මා සමගින්,
ගමේ පන්සලට ,බුදුන් පුදන්නට
හදුනනා රුව , කහ සිවුර පොරවා
ඈත කොන
ඉවාසාගත නොහැකිව
දෝනිගේ මුවින් කියවෙන
අපේ මල්ලීව ගෙදර ගෙනියන්නට,,,
මොහොතකින් බැණවදින
මවකගේ හඩ
තරහද , දුකද හෝ සිතෙහි සගවාගෙන
සැබැවින්ම එය
නොදනිමිය මම
කවරක්ද.... වග

වැඩ වැඩ බොහෝ වැඩ..................


ලොවක් නිදනා යාමෙක
අළුයම අවදිවන
වැඩ වැඩ බොහෝ වැඩ
කිසිකලක මම නොදුටු ලෙස

කෑමටද වෙලා නැත
ශරීරයද දැන් කෙසඟ වීගෙන
ලොවක් නිදනා දෙගොඩ යාමෙක
පොඩි නින්දකට සැපත් වන

සෙව්වත් ධනය මහමෙරක් තරමටම
පලක් නොදකියි මෙලොව කිසිවිට
සොයාගෙන ධනය නියම විලසට
සැපය සතුටද , ලඟ තබාගෙන

දකින මරණය සැමට උරුමව
නැවතිය නොහැක සක්‍රයාටද
දිනක මියයන විටදි ලොව හැම
ගෙනියන්න කල කම් පමණක්ම

පණටත් වඩා මා හඳින් ආදරය කලා සත්තකින්..


හඬන්නේ ඇයි මේ තරම්
පොඩි දරුවෙක් තරම්
මට වඩා ආදරෙන්
කෙනෙකු එයි නුබ වෙත අරන්

බොරුකියා වෙන් වු නුබෙන්
නුබෙ හොඳටමයි මගෙ රත්තරං
පණටත් වඩා මා හඳින්
ආදරය කලා සත්තකින්

කුල මල බේදයන්., පවුල් පසුබිම් මැනං
මා පිය නෑ වරුන්., එයි දිනක නුඔ සොයන්
ඉටු නොවන පැතුම් පොදි අප හිත් හී දරන්
කෙසේනම් සිටින්නද නුබ තුරුලට කරන්

ඔයා නැතුව මට ජීවිතයක් නැති තරම්.................

ඔය දෑත් නුබේ
අත නෑර මුලු දවසම
උරහිසට හිස තියන්
විදින්නට ආදරය,,
අහිංසක ඇස් දිහෑ
බලන් ඉන්නට
වෙලාවකට හරි මනමාල,,
සසර පුරා මම ,
පෙරුම් පුරන්න ඇති.
ඔයාව මගේම කරගන්න,,,
අනේ මගේ හිතේ තියන ආදරේ
ඔයාට දැනෙනවනම්....
සත්තකින්
ඔයා නැතුව මට ජීවිතයක්
නැති තරම්.................

නීතියනම් කුරිරු.......


කල වරදට

ලොකු දඬුවම්
දිවි ඇතිතෙක්
මහ කුටියක
කිමද,
නොදෙන්නට සමාවක්
සකසාගන්න ජීවිතය
යලිත්,
නීතියනම්
ඇයිද
මෙතරම්
නම්
කුරිරු

විජයග්‍රහණය ( The Victory )

ඉසුරු සොයනා ඇය.........


හඩන දරුවන් , ජීවත් කරවන්න

බේබදු සැමියාගෙන්ද කරදර
ඉසුරු සොයනා කල
යන්නේ ඇය වැලි කතරට........

නිදි නැතුව හෝරා ගත කරන
වැඩ වැඩ , හැම මොහොත
දවසට එක වේල
පමණක් ලබාගෙන

ලදුන් හතකට අවසර ස්වාමියෙකුගෙ
පැතුම් සපුරන්ටද ඇයට සිදුවී
නවතන්න බෙදීයන බූදලය හතකට
එකම බිරියගෙද උදව් ඒ වෙත..........

මොනවද දන්නෙ?

එකතු අඩු
වැඩිකිරීම් බෙදීම්
අර ප්‍රමේය මේ ප්‍රමේය
එහෙට සමීකරන මෙහෙට සමීකරන

අවුරුදු දොලොසක් , විශයන් දහයක්

ඒ ඔක්කොමත් හරි
කඩේට ගිහින් එළවලුවක්
තෝරගන්න දන්නවාද?????

එක එක පංති


තැන තැන කථා බස්
සියල්ලම එක් භූමියක
ලොකු ලොකු කුඩ යට
සමහරු පොඩි ගස් යට

ලොකු පංති

මැද පංති
පොඩි පංති
හරියටම දුටුවිට
වෙනස තේරෙයි යසට

ලොකු කුඩයක් වෙත ඇදෙන

සාමාජිකයෙක් ගසක් යට සිටිය
ඔවුනොවුන්ගේ කථාබහ
සමාජිකයා නොදුටුව ලෙසට

පංති සටනේ මූල බීජය

දුටුවා මම හරිහැටි කලට
අප සිටින මේ ටික දොහට
බැරි මන්ද සිටිනට

සහෝදරයන්ම විලසට?

Friday, October 2, 2009

ගඳ ගහන පරිසරය

ගම්පහ සිට කොටුවට
පීලි දිගේ දුවන යකඩයා
වෙත ගොඩවූ මා
තාරුණ්‍යයේ සුලන් පහර
වැදීමට සිතා
දොර අසලම නැවතී සිට

වේගවත් යකඩයා ජවයෙන්
නොනැවතී ඉදිරියට
පසුකරන අඟලක් අඟලක්
පාසා
දකින දසුනින් මා දෙනෙත්
දුක්බරව
නොසන්සුන් සිත වේගයෙන්
උස් පහත්වන

පොඩි පොඩි ලෑලි ගෙවල්
එක පොදිය
මඩ ජොහොර ගඳ ගහන
පරිසරය
කෙසේනම් ජීවත් වනවාද
ඔවුන්
නොවැටහේ අපගේ සැප සතුට
දෙස බැලුවාම


අරෙහෙත් දැන්වීම් ,මෙහෙත් දැන්වීම් ,ලොකු ලොකු ඒජන්සිලු
උබත් පලයන් කෙල්ලේ කිව්ව.., මෙහෙ ඉදන් මොනව කරන්නද?
හොද රස්සා , ෂෙහ් කියල වැඩක් නෑලු...

ඔය බෙල්ලෙ තියන ටික , අතේ තියන ටික ,අහ් , ඉඩමත් තියපන්
අපුවාම ඕකත් බේරගෙන තව එකකුත් ගන්න බැරියැ
ඔහොම කියල සේරමත් තිබ්බ

ගෙයක් හදල , හ්ම් එතකොට වාහනයක්
මට හොද හැන්ඩි කොල්ලෙකුත් කැමති වුනා. ගිහින් ඇවිත් මගේ ජීවිතේ මාරම ලස්සනයි. හොද පවුල් ජීවිතයක් ....

ගුවන් යානය පාත්කරදි , පටි තද කරගන්න කියන සද්දෙට තමයි මගේ ඇස් ඇරුනේ

අපි කෙල්ලො 20 විතර. ඔක්කොමත් එක්ක , ජොබ් දෙන තැනට කව්ද එක්කන් ගියා. මහ වස ගෑණු ජාතියක් වගේ , මොනවදෝ කථා කලා , තේරෙන්නෙත් නෑ , කාමරයක් පෙන්නල ඒ පැත්තට අත දික් කලා ,

ඉංගිරිසි තේරෙන යාළුවෙක් කිව්වෙ , හෙට උදෙන්ම වැඩකරන තැනට එක්ක යනව , එතකන් ඉන්න කියල ,,

පැයක් ගියේ නෑ , කව්දෝ දොර ඇරිය කාමරේ , අර හිටිය ගෑණි , තව කවුද පිරිමියෙක් එක්ක .....උනු දේ හිතා ගන්න බැරිවුනා ,

මිනිහව කාමරේට දාල දොර වැහැව්වා ..
ඊට පස්සෙ වුනු දේවල් , මේ ලෝකෙ කිසිම කෙනෙක්ට වෙන්න එපා ,

මම හිතුවෙ උදේට හරි වැඩ කරන්න පුලුවන් වෙයි කියල ......
ඒත් දැකපු හීන එකින් එක එකින් එක , බිදිල ගියේ මොහොතකින් , මගේ රාජකාරිය මට තේරුනේ උදේ ඉදන් මාව හම්බෙන්න එන පිරිමි 50 , 60 දිහා බැලුවාම...

ගෙවල් දොරවල් වලට මොනව වුනාද දන්නෑ

, අම්මල , තාත්තල හිතන් ඇති මම සතුටින් කියල ,

මම තාමත් ගින්දරේ දැවෙනව..

රිදවන්නට මා

මාගේ කනට කර මිමිනූ
ආදරණීය වදන්
දෙසවන් තුල තවමත්
එහෙට මෙහෙට
දොංකාර දෙනවා මිසක
ඇසෙන්නේ නැත
කිසිවෙකු පවසනා යමක්

මුලු ලෝකයම අන්ධකාරයෙන්
කිසිවෙක් නොපෙනේ මට
එකම එක දෙයක් හැරෙන්නට
නුඔගේ රුව මා දෑස් ඉදිරිපිට

එක් වචනයක් ඇති රිදවන්නට මා සිත
නුඔද ඒ බව දැන සිටියා නිසැකවම
ඇයිද දැන් හැරදමා , මා කල වරද නම් කවරක්ද
ඉවසන්නේ කෙලෙසකද , තවත් නම්
හඬනාවා මහා හයියෙන් ඇසෙන්නට මුලු ලෝකයාටම
සත්තමයි තව මොහොතකින්

තරහ යන්නේ නැතිද??


තරහ වී ඈ මා එක්ක ,
හිතේ දුක තදකරන්....
කතාවත් දැන් නෑ සුහද,
නපුරෙක්ලු මම හැමවිටම.

කලෙ වරද ඇයම බව,
පැවසුවා මම දහස් වර.
පිලි නොගයි කිසිවිටක,
වරද පවරා මටම.

ප්‍රශ්න ඇත , හේතු ඇත.
නොපවසයි හේතු මට,
තරහ යන්නේ නැතිද,
තව මොනව පවසම්ද??

තීරණය....



දෙහදක් අතර ගැටුමක්

හැමදාම, මොහොතක් පාසා,,
ඇයි මෙතරම් හිත් රිදවිලි,,,

දරා ගන්නට බැරිවේවි....


ජීවිත එක්ක අරගලයක්,,,

මේ මොහොත

තීරණයක් ගැනීමට
සුදුසු
නිසැකවම

මාවත් දෙකක් ,

එක් මාවතක් තේරීමට
පමණක්
ඔබගේ සියල්ල

එම තීරණය මත..

ඕනේ මෙපමණයි..


කව්ලුව ලගට වී
බලා සිටිමි මම,

නුබ එන තුරා...

ඉවසුම් නොදේ සිත,
තනිකම දැනේ තව,

ඕනේ මෙපමණයි..

ලන්වී දැවටෙන්න..
නුඔ ගාව
හැමදාම....

සැබැවින්ම කරන්නටද ආලය?

අවුරුද්දකට පෙර
නුබ දිගුකල අත
මා වෙත
සැබැවින්ම කරන්නටද ආලය?

ටික දොහොක සිට
වෙනස් වුයේ
ඇයිද මෙලෙස..,

අහෝ
වෙන අයෙකුගේ
පැමිණීමක්

හැගුනා මට
නුබ ඔහුට කැමති වග

රැවටුනා
නුබ

අවසනට පෙර
දෙයක් ඇත
පවසන්න

"මම නුබට ආදරය කල වග"