Thursday, December 20, 2012

නොතේරෙනු මැයි



නොතේරෙනු මැයි හැඩවන් ඹබරා වේ
වසනා කෙලෙස සොදුරුතම මලක
සියගනනක් මල්මත පැණ් රැගෙන
යන දුටින බඹරුන් කැතම කැත

Thursday, November 1, 2012

ශෘන්ගාරයක අවසන




එක්වන අණුවේ
ශෘන්ගාරයක අවසන
අයිතියක් තෝරනු එක්
නුඹලානම් කොපමණක

Sunday, September 30, 2012

දිනකදී පුපුරයි උන්



කඩා වඩා ගෙන
අන් සතු දෑ
රහට ඇති නේ
බලාපන් වෙලාවක්
තලා පෙලූවත්
දිනකදී පුපුරයි උන්
උඹව සුනුවිසුනු කරගෙන

Friday, September 14, 2012

දීග නොදෙන් දූවරු




දීග නොදෙන් දූවරු
දන්නා සංස්කෘතියට ඔබ්බෙන්
පිය සෙනෙහසෙන් බැහැරව
මුදාහරිනට පිරිමිකම්

Monday, August 27, 2012

නිවටදෝ ඒ සිත




සාක්ෂියක් සොයනා කල
නිවටදෝ ඒ සිත
බලාපන් පලා ගත
පෙනේ රුධිරය නුඹෙ නමට  වග

Tuesday, July 17, 2012

සිනාසෙන්නද හඩන්නට දැයි?



කෙඳිරූ වදන්
දෙසවන රැව් , පිළිරැව්
මතකය අද ඊයෙක මෙන්
සිනාසෙන්නද හඩන්නට දැයි
මා සිත තෝරනු නොහැක්කෙන්
කිසිත් නොවුනාක් මෙන්
සිටිත් ,
ගම්මුන් දකින විට මා
කියති
ඔබ ඔහු තුරුලේලු.......

Wednesday, May 23, 2012

සදාතනික පහසක්




පෝදා සඳ රැසට
රැවටී
සදාතනික පහසක් සොයනා
නූගත් හිත

Friday, May 18, 2012

උත්තමාචාරය






සිරිලක එක් සේසත්ව

හෙලූ රුධිරයෙන්
සිව්හෙලේ උත්තමාචාරය
පුදන්නේ , තුන්වසක් සපිරෙන අදට

Thursday, May 17, 2012

රැකගන්න ගෞරවය




නිදහස්ව

නිශ්ෂබ්දව
රැකගන්න
ගෞරවය
තවමත්
ඉතිරි වූ...

Sunday, May 6, 2012

සිතුවිලි ඉකිගසන

 


නිදියන්න ඉඩදෙන්න නුඹ තුරුලේම
පවසන්න, ඉඩදෙන්න බැරිදෝ මන්ද?
ඉවසන්න බෑ .. කියන සිතුවිලි ඉකිගසන
කියන දේ නාහන හිත, මේ පිම්මේ දුවන

Friday, April 27, 2012

ඉවසපන් සිව්හෙලේ



ඩොලර් මත නටන කැනහිලුන්
ග්‍රීස් යකාගෙන් බැරිවුන සෙල්ලම්
නැවතත් නටන්නට සැරසෙත්
ඉවසපන් සිව්හෙලේ ඉවසපන්

Monday, April 23, 2012

නොවන පැතුමන්



හිතවත්කමක් හිතලඟටම විත්

දැනෙන හැඟුමින් මා හිත ඉපිලෙන්
ලොඹ බැඳගත් ඇසුරක් යයිද දුරදිග තෙක්
හිත බයෙන් නොවන පැතුමන් ඉල්ලයි දෝ මැයි

Thursday, April 12, 2012

අවුරුදු සරුදැයි බොල



සරුවට ඇතිද ඔහේ,
කිරිබත් මේසා ඉතිරෙනා ලෙසේ,
කොටහක් මටත් අරන් අනේ,
එනවද ලැබූ මේ නව වසරේ

Friday, March 30, 2012

වූ ණය මව් කිරට සම




නොවන්නට ඔබ හෙලූ රුධිරය මෙලෙස
නොතිබේවි ලක්මව නිදහස්ව  මෙමට
කැපකරමි මේ දිවිය ඔබ වෙනුවෙන් සබඳ
ගෙවන්නට වූ ණය මව් කිරට සමව

Tuesday, March 6, 2012

මේ බඹරා නුඹටම බව




ඉගිකරන ඇස් මා වෙත යොමුව තියේ
පෙම් බැන්ද ඒ කෙලෙස මොහොතකිනේ
මල වටකර බඹරුන් පෙල ගසනු පෙනේ
මේ බඹරා නුඹටම බව කියනු කෙසේ

Saturday, February 25, 2012

හිවලුන් වියරු වී



හිවලුන් වියරු වී ඇත ජිනීවා රඟ මඩල
අතහරිනු හිත් රිදුම් එක මොහොතක් ඔන්න
දිවිහිමියෙන් රැකගනිව් දිනූබිම විරුගොල්ල
පාවා නොදෙව් අප ලක්මව පලමුව වන්න

Tuesday, January 17, 2012

පරයන් දමමි ලක් ගැට්ටෙන් බිමට



මියයන්නෙමි මේ මව්බිම මතම
රැකගෙන උරුමයන් ඉතිහාසය සමග
පරයන් දමමි ලක් ගැට්ටෙන් බිමට
යක්පුර සිංහයන් අවදියි තවම

Sunday, January 1, 2012

මේ නව වසරෙහිම



වෙන්නට හෙටක්

ලාහිරු දිළෙන,
සුවඳ හමනා උතුම් මල් පිපෙන,
හදවතට සමකලෙමි
ඒ මල් පෙති සියලු ගෙන,
වන්නට ඔබේ, මේ නව වසරෙහිම