Friday, February 19, 2010

මවකගේ සාපය




වැදූ දරු කුස දරා
හැදූ බව කිරි පොවා
වැඩුන පුත් ලොකු වෙලා
ගමන් යයි පෙර මන් බලා

දියුණු වන පුතු දිහා
මිනිස් ඇස් යොමුවෙලා
රුදුරු රකුසන් වටවෙලා
මරා දමයයි කඩු පහරින් ගසා

මවට දුක බැරි ඉවසලා
සාප තබවයි දිවුරලා
ඝාතකයන් පසු අසුවුනා
කාලයෙන් පසු නිදහස් වුනා

ඝාතකයෙකු විවා දිවි ගෙවා
බිරිඳ දරුවෙකු බිහිකලා
කැපුම් සළකුණු මෙන් තියා
උපන් දරු අත් පිහිටියා

දෙවස් දරු පසු මිය යනා
අභිරහස් දෙය පෙන්වලා
මවගේ ශාපය පළදෙනා
පෙනේ අප සිත් මවිතෙනා

3 comments:

  1. ලස්සනයි කසුන්,

    මවකගේ සාපය හරිම් බල ගතු වෙන්න පුළුවන් වගේම
    යහපත් ප්‍රාර්ථානත් එලෙසමයි කියලා අමතක කරන්න එපා හරිද?

    /බිඟුවා...!

    pls remove word verification

    ReplyDelete
  2. ස්තූතියි මච්න් , අරක අයින් කලා , දැන් ලේසියි

    ReplyDelete
  3. ලස්සනයි.... හදවත සසල වෙනවා!

    ReplyDelete