Friday, November 27, 2009

නොනිමි හතිලෑම


සිහිනයක් සුමිහිරි,
දැක සිත පැතිරි
ඉෂ්ඨ කර ගනිමි
එන දින ඉදිරි

කරන උත්සහ දහිරි
අහස මෙන් ඉපිලි
ගැටළු ඇත පැමිණි
ලෙහන්නට තැනකුදු නොමැති

කල හැකි කිසිත් නැති
කෙලවර කල යුතු නිතිනි
මිරිගුවට නොදුවනු යහකි
හතිලෑම පමණක්ම වෙයි නොනිමි


1 comment:

  1. හ්ම්ම්, බලාපොරොත්තු නිසා තමයි ජීවිතය පවතින්නේ. ඒත්, ඒවා පස්සේ සීමාවක් නැතිව දිව්වම අන්තිමට හතිලන්න තම වෙන්නේ.

    ReplyDelete