Wednesday, November 11, 2009

දරු සුරතල්



ඉපදුනා වූ දවසේ සිටම
ආදරය මහ මෙරක් උසකට
තම දරුවනට හැර
ලෙන්ගතු බව වෙන කවර අයෙකුටද

හඩමින් පවසනා සියලු දෙය
ගෙනදෙන්නේ දරුවන්ගේ තුරුලටම
හොද නොහොද ගැන සැලකීමක් නැතිව
සිදුවන්නේ හුරතලේ වැඩි කමට

නැත සිටිනු හැම විටම දරුවෙක් විලස
නැගී එයි තෙම මහා මිනිසෙකු මතු දිනක
වුවහොත් හෙතෙම නපුරෙකු සමාජයකට වින කරන
වග කිව යුතුය දෙමාපිය හරි ඉහලින්ම

1 comment: