Tuesday, January 29, 2013

උරනා තාලෙට



ලැබෙන්දෝ දැයි
උරනා තාලෙට
වින්දනීය පහසක්
ශෘන්ගාර රසයට සමාන
මූණ පිරා පැතීරී යන
අමුතුම රටාවන් නෙක
මාද මවිතව
උරන්නට මටද
මොහොතක්
සිතීමුත්
එකවිට කල්පනාවට
ඒ මහත් අවවාදය

"දුම්බීම පිළිකා ඇතිකරයි"



19 comments:

  1. රජයේ අවවාදය..
    දුම්බීම පිළිකා ඇතිකරයි....

    ReplyDelete
    Replies
    1. උඹත් ඒ අවවාදය පිළිගන්නවද?

      Delete
  2. Urannama one nam awushadiya suruttuwak urahan..

    ReplyDelete
    Replies
    1. අර කොලපාට පෙට්ටියේ ඒවද?

      Delete
  3. පිළිකාව
    පසුවට
    උන්මාදය
    අදට

    හෙටට පෙර අද ගැන හිතමි... ඒ මගේ හැටි...

    ReplyDelete
    Replies
    1. තාවකාලික උන්මාදය මක් කොරන්නද? දීර්ඝ කාලීනව විදවපන්කො

      Delete
    2. හරි
      හිතමු මෙහෙම
      මැරුණොත් හෙට
      පල කිම්ද
      සීමා බැඳි
      සිතිවිලිවල

      එනිසා
      හොඳා මට
      යදම් බැඳි
      දින
      සුවාසු දහසකට වඩා
      එක තත්පර ගණනක
      උන්මාදය

      ෆූ................. @දුම් රොටු පිට කරමින්

      Delete
    3. මැරුණත් හෙට කම් නැත , කිම්ද නොව අසවනක සංසාරය , චක්‍රය තාමත් කැරකේ ,තුරා මෙතේ බුදුන් දැක නිවන් දකිනා

      Delete
  4. උරපන්! බදිනදාට මට කියපන්!

    ReplyDelete
  5. දුම් දුම් රැලි රැලි ඉවතට - නිකොටින් ගුලු ගුලි ඇතුලට
    බොම් බොම් බොම් එක පිට එක - යං යං යං මරු තුරුලට

    ReplyDelete
  6. අනිවාර්යෙන්ම දුං බීම පිළිකා ඇති කරයි.

    ReplyDelete
  7. සොදුරු අඩවියක් එන්නං දිගටම මාත්...
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  8. දුම් බීම නිසරු භාවය ඇති කිරීමට හේතු වේ! අනාගතේ අදුරු වේවි මලේ! හත් මුතු පරම්පරාවම ඉවරයි..! මෙන්න රිසර්ච් පේපර්ස්!


    http://www.webmd.com/smoking-cessation/news/20100910/smokers-sperm-less-fertile


    http://www.ncbi.nlm.nih.gov/pubmed/4054326

    ReplyDelete
  9. උරා අගලක් දිග කොටයක්
    මුවින් ඇතුලට අගල් ගණනක්
    යාර ගනනක් දිගැති දිවියක්
    යට කරයි ගත රියන් හතරක්

    ReplyDelete
  10. දුම් දමන අවියේ
    අවවාද අවලාදවේ
    සිතට
    මේ සියල්ල
    මිහිපිට හැදුනේ
    විදින්නට විදවන්නට
    මිසක රැකෙන්නට
    නොවේ නම්....
    කාපල්ලා බීපල්ලා
    නටපල්ලා....
    දුම් වැටිය නවතන්න
    දෙන වචන බොරුවක්ය
    ....
    මිත්‍යාවක්ය පුරසාරමකය
    පිළිකාව................
    හදන්න උදව් කෙරුවේ උන්
    හදන්න බලය දුන්නේ උන්
    හදන එකේ කොමිස් ගන්නේ උන්

    දුම්වැටිය පිළිකාවක් කර
    නටන නාඩගමක හැඩ
    විකාරයක්ය මිහිපිට....
    වසා කම්හල හෙට
    නොකියා ඉදිමු
    බොරුවට
    පිළිකාව ඇත්තේ
    කොතනද
    ඒ .......

    ReplyDelete
  11. සුද්දා දුම් බිව්වෙ ශිතල නැති කොර ගන්න .අපි ඇයි දුම් බොන්නෙ?
    මනසින් දිවියට ගොඩ වඳින්න(සරල බව සහ තදබල උනන්දුව)

    ReplyDelete