Saturday, April 24, 2010

ආදරණීය පෙම


පොත් මිටක් තුරුලු කරන්
ගියා ඔබ එක් දිනක් මා දෙනෙත් ඉදිරියෙන්,
මේතාක් නොදුටුටු ඒ මුහුණුවර
කාගේ කවුරුද කොතනකද මන්ද,
සිතුනා සොයන්නට
ඔබ ගැන යමක්,

පෙර දිනයම වාගේ තව දිනෙක
සිටියා නුබව දකින්නට,
බසයෙන් බැස ආ සැනින් ඔබ
බැලු විට මා දෙස වරක්,
දැනුනා ආදරයක් කියන්නට බැරි තරම්
පෙර පෙම්බරියටත් වඩා ඔබට,

කුමක් කරන්නද මා
අතහැර ගියත් ඒ පෙම්බරිය,
සිතන්නට හැදුවත්
ඔබ ගැනම සෑම විට,
පෙර පෙමද සිහිවෙනවා
දුක් කදුළු මැද,,,,

ලියා එව්වේ සුරේෂ් රංගන

No comments:

Post a Comment