Tuesday, January 19, 2010

රැක ගනිව් ලත් උරුමය



හතිලිස් අටෙන් පසුවට
නැගුනු ජාතියේ වීර හඬ
පරයන් පරදවා නැගෙමින්
ලැබූ ජය එක් සේසතින් රට

වෛරයේ ගිනි පුපුරු මත
බුර බුරා නැගෙන විදෙස් හදවත්
උත්සුකව මරා විරුවන්
පත්කරනු තැත යලිත් රූකඩ

අවදිවව් මව් කිරි බිවූ මිනිසුන්
පෙළ ගැසෙව් උතුම් ලක්දෙරණ වෙනුවෙන්
තබා සිහිනුවන කටයුතු කරන් නිතැතින්
රැක ගනිව් අප ලත් උරුමයම සියතින්
 


1 comment:

  1. ආයෙත් තීරණාත්මක අවස්ථාවක්. ඒත් ඉතින්, හැමදාම වුනා වගේ තමා. අපිව වට්ටන්න බෑ.

    ReplyDelete