
මම හරි නිහඬ චරිතයක්
කියලා දැන දැනම
මොකද මේ ප්රශ්න දාගෙන?
සමාජ , දේශපාලන විග්රහයන්
ඔයත් එක්ක කතාකලොත්
ඔයාට හිතෙයි මට පිස්සුයි කියල,
අනික ඒව ඔයා දන්නැතුව
මම මොනව කියන්නද?
මට නම් තේරෙන්නෑ මක් කරන්නද කියල

බලු වුනු කොටි පොළවපලන් ගියාවේ
කඩේ යනෙන තොපි මකබෑ උනාවේ
හදපු කැසට් පට අලුවී ගියාවේ
චැනල් හතර හෙන වැද ගිනිලුනාවේ

ඔයාට මතකයි නේද,
මම එක පාරක් මේක නවත්තමුයි කිව්ව.
ඔයාට ආදරේ නැතිකමකට නෙමේ,
මට වෙන කරන්න දෙයක් නැති හින්ද.
ආයෙ යාලු වුනේ
ඕනම දේකට මූණ දෙන්න හිතාගෙන
ඒත් අවුරුදු ගානක් තිස්සේ මාව හදපු
අම්මටයි, තාත්තටයි හරස් වෙන්නෙ කොහොමද
ඒත් දැන්නම් මට තේරෙනවා
අපි මේක නැවැත්තුවොත් හොදයි
මොකද ඔයාගෙ ජීවිතය ,
මං හින්ද
නාස්ති වෙලා යනව දකින්න
මම කැමති නෑ
අපි හොද යාලුවො විදියට ඉමු...