Monday, August 23, 2010

අම්මා සහ ශිෂ්‍යත්ව විභාගය




උදේ 6 සිට වැඩ පටන් ගෙන

ඉවරවන තුරු පාසල් වෙලාවම
සවස් වරුවට ටියුෂ් පන්තිය
ඉවර කර ඉර බහින යාමෙක
ගෙදර එනවලු හතිදමාගෙන
ඇග හෝදගෙන වරෙන් විගහට
පාඩම් වැඩ ගොඩයි උබලට
ලබන වසරේ විභාගය නොවැ
යන්න අලුතින් පාසලක් බොට
පන්දන් ඇල්ලුවට වැඩක් නෑ දැන්
බර කුට්ටියක් අත මිරිකන්නලු
ගෙදර කන්නෙත් හරි අමාරුවට
දගලන්නෙ මේ උබෙ හොදට නොවැ
යන්න කොළබින් ලොකු පාසලක් වෙත
එන්න එහෙමලු වෙන්නෙ මේදින
ඉගෙන ගන්නේ අම්මලලු හරි
හරියටම වෙහෙසේනා තරමක්

6 comments:

  1. නොදමන් පුතේ
    මගේ දහඩිය
    සුසුමන් සේ ඉවතට
    නුඹේ අනාවක රන් රුවනින්
    සරසන්නට
    අත කර පළන්දන්නට
    හිමි කර දෙන්න
    හෙලනා වාරුව
    ගනින් හිතට
    තාත්තා නැතිව
    මා විඳිනා දුක් ගැහැට
    අසු නොවන්නට
    අනෙකුන්ගේ පයට පෑගෙන

    ReplyDelete
  2. සිස්සත්තෙ, සිස්සත්තෙ
    පොඩිඑවුන් නෑ දන්නෙ
    මහඑවුන් පොරකන්නෙ
    පැයදෙකක සෙල්ලමට
    කල්පයක් වලිකන්නෙ
    පොඩ්ඩන්ගෙ සෙල්ලමට
    වැටබදින සිස්සත්තෙ
    ලොක්කන්ගෙ තරගයක
    ඇරඹුමයි සිස්සත්තෙ

    ReplyDelete
  3. දැන් පොඩි උන් නිකන් අර අශ්වයො වගේ රේස් දුවන... දුවනවා දුවනවා... කාගෙ වැර්ද්දද මන්ද.

    ReplyDelete
  4. දැන් දැන් පරිනත කවිත්වයක් පෙන්නුම් කරනව්... නියමයි..

    ReplyDelete