Wednesday, June 16, 2010

මුඩුක්කු දරුවා සහ ගණිකාව



අත වූ මුදල්
දෑවුරුද්දක් දුක් මහන්සියෙන්
වීදි දිගේ පියඹා
සොයාගත් වගනම්
කෑමෙන් හා බීමෙන් සප්පායන්
ඉතිරිය කැටයකට බහා තබා
එකතු කරගත් රුපියල් වලින්
දහසක්

මුදාහරිනු පිණිස
ලිංගයේ තෙරපීම්
දන්නාවූ තැනක මුදල්
ගෙවා
ගැහැණියක් සිටිනා මුල්ලෙහි වූ
කාමරයට පියමන්ව
ඇය දෙස බලත්ම
මා දෑස් නිලංකාරව
ක්ලාන්තය මෙන්

ස්නේහ වදන් තෙපලූ ඔය මුව
කෙසේනම් සිපගනිද???
මා හොවා නැළවූ උකුලට
කෙසේනම් ලොඹ කරද???
ලේ කිරි කර පෙවූ දෙතනේ සුවද
ගිනියම් පහසකට කෙසේ පෙරලම්ද???

8 comments:

  1. යකෝ ඌට නෙවෙයි මට කලන්තේ වගේ. බොක්කටම වැදෙන්න ලියලා තියෙනවා...උපරිම තත්ව ප්ර කාශනයක්

    ReplyDelete
  2. නියමයි.... උපරිමයි මචෝ

    ReplyDelete
  3. අපිටත් සිහිය නැති වෙනවා මෙව්වා කියෙව්වම.... පිස්සු හැදෙනවා..

    ReplyDelete
  4. අපිටත් සිහිය නැති වෙනවා මෙව්වා කියෙව්වම.... පිස්සු හැදෙනවා..

    ReplyDelete
  5. ඇඩෙනව අය්යා..
    අමූලික ඇත්ත..
    සිරා...

    ReplyDelete
  6. දස මසක් දැරු නිසා හිස නවන් පිට උනත්,
    අන් ලඳක තුරුල්ලේ රැය පහන් නොවේදෝ...,
    රැය ගෙවූ විගසින්ම නුඹ ඉගිල දුර ගියත්,
    නුඹ වැනිම තව එකෙක් නුඹෙන් බිහි නොවේදෝ...,

    ReplyDelete