
එක දවසක් කල වරදට
ඇයි දඬුවම් මෙලෙසට
ආදරය අඩු වේගෙන
අනේ එකදවසට
දවස් දෙකක් සිදුකල
නම් නැතිවෙයි
ආලය සදහට..

ඇමතුමක් ගෙන
එහාකොන හිදිනා
ඇමතීමට දැනගැනුම
පණිවිඩයක්
හතිදමයි මහා ඉහලින්
බයත් සිතුනි
මට
අසනීපයක් දැයි?
"ඉක්මනට කියනු"
හරි වැඩලු
අනේ පව්
නැගුනි මසිතට
හෙව්වත් මිටි මුදල්
වැඩක් නැති හැටි
අම්මපා නැතිව
සැහැල්ලු මනසක්