Friday, March 12, 2010

ලොබ බැඳුනාද?




අතීතය නපුරු වී
දුක් දුන්න බව නොවෙද
පෙනෙන්නේ අප සැමට
විදවද්දි මේ ලෙසට

මදක් හෝ මතකයෙන්
මකන්නට අතීතය
වත්මනේ සතුටු තැන්
සොය සොයා ඇවිද යන

එක් තැනක නතර වී
ලොබ බදී ඒ දෙයට
අනාගතයෙහි ලැබ ගෙනම ලෙස
සිහින මවයයි නොපෙනෙනා ඉම


(අතීතය ගැන සිතා පසු තැවීමද , වත්මනෙහි ඇලීමද , අනාගතය ගැන සිහින මැවීමද නොකරන්න - "ධම්මපදය")

No comments:

Post a Comment