යුතුකම් කලත් නොපමා
අමතකව අද නුඔට මා
සිටිනේ දුකින් කල් යවමිනා
අසරණව එක් තැනට වීලා
වැදු මව නුඔ සැතපුවා උකුලේ හොවා
පෙවූ කිරි බිදු ගනන් කල හැකිදෝ බලා
යහපත පෙරදැරිව හොද ගුණ දම් දෙවා
හැදුව රජු අද ගොහින් කොහිදෝ සිත දවා
උබත් දරු දකියි මතුයම් දිනකදී
උගන්වනු උන්ට මවට සළකනු පනදිදී
ඇතත් ආලය ලොව විවිධ වූ නම් දිදී
මව්ගෙ ආලය වටී ඉන් මුල් තැන ලැබී
හ්‍ම්‍ම්, හැමෝම තම තමන් ගැන හිතලා අනුන්‍ට මඩ ගහන වර්‍ථමාන ලංකාවේ, තමන් ගැන නොසිතා රජුන් තනන්‍නට නොවිඳිනා දුක් විඳින මවුන් ගැන සිහිපත් කිරීම වටිනවා. අගය කළ යුතුයි. මෙහෙම දේවල් ලියන්‍න, කියවන්‍න ලැබීම අපෙත් අවාසනාව. මිනිස්‍සුනට තමන්ගෙ දෙමව්‍පියන්ගෙ නියම වටිනාකම තේරෙන්‍න පටන් ගන්නේ තමනුත් ඒ පදවි තානාන්‍තර වලින් පිදුවාම තමා. හේතුව, තමන්ගේ හිසට බර දැනෙන කොට තමයි ඒක මොනවගේ දෙයක්‍ද කියල වැටහෙන්නේ.
ReplyDelete