Friday, December 30, 2011

වූ පවද ,මේ




වූ පවද ,මේ කල මෙලෙසකට
එන භවය පතමි මනුසතකු වී උපදින
නිවන් දකිනට මෙතේ බුදුන් දැක
නමස්කාරවේ හිමියනි ගෞතම


Wednesday, November 30, 2011

දුකනම් කඳුලු වී



ඒ දවස් ටික දොහට

කෑම බීමෙන් නො අඩුවම
සතුටකීවේ පෙර නොවූ ලෙස
දුකක් නම් නෑ පුංචි හිත්වල

කල් යත්ම පසු මාසයම
හිටියාටත් වඩා අන්තෙට
දුකනම් කඳුලු වී බේරෙනා බව
නොතේරුනු කිමද පියා වියෝ වූ දින

Monday, October 24, 2011

භූමියට වීරයෙකු වී




නිවට අධිරාජ වාදයට දන
නොනා නැගි දශක හතරක සවි
දෑත නිමාවිය කුරිරු ලෙස තෙම 
භූමියට වීරයෙකු වී ඉතාහාසගත

Thursday, October 20, 2011

සිටියානම් ජනරාළ ලෙසින්



ඉටුකරතත් කල යුතුකම්
බලතන්හා වැඩි වූ නම්
අමතක කර ආ මග මින්
දෙස්පලු මඩගොහුර දකින්

දැන් ඇති සිටියා සිරකම්
නිදහස දේ ජනපතිදුන්
සිටියානම් ජනරාළ ලෙසින්
පුත නුඔ වේ ලකේ උතුම්

Tuesday, October 11, 2011

අන්තිමට ගොඩවෙන්නෙ මට


උදේ ඉදන් රෑ තෙක්
ඇගේ එල්ලීගෙන
කිරි පොවා
ආරක්ෂාවට
පස්සෙන් දුව දුව
උබලව
කොච්චර හොදට හැදුවත්
අන්තිමට උබල
පොඩි හරි වැරැද්දක් කලාම
උබලගෙ මහ එකාගෙ ඉදන්
රටේ හැම එකාම
අන්තිමට
ගොඩවෙන්නෙ මට