Friday, July 30, 2010

කෑ ගසයි මොරදෙමින්



කෑ ගසයි දැන් මොරදෙමින්
මැරෙන මිනිසුන් ගණනමින්
බේත් කෝ අර ගේන කිව්
සති දෙකතුනක් නම් ගියා නෙත්

සාඛච්ඡ් වට බොහොමයක් නොව
මීඩියාවන් පොරකමින්
අනේ උබලට බැරිද හැබැහැට
ගෙවතු සුද්දය තම අතින්

Thursday, July 15, 2010

රා_ය

Friday, July 9, 2010

පිප්පී මූන් කි UN



ඉරාක ඇෆ්ගන්

නොදනිති UN
කොසෝවෝ ලංකා
වෙත යොමුවෙන්

කඩමින් කොසෝවෝ
දෙක කරමින්
පෙන්වූ දස්කම්
හරි ඉහලින්

ලංකාවත් සුන්
කරලණු සිත්
දගලති
පිප්පී මූන් කි UN

Thursday, July 1, 2010

රේණු වනසයිද?



ධර්මයක් ඇත ලොව
මිනිස් නිදහස පතළ
එය තුළ දිවි ගෙවන
පෙනේ සොදුරු හෙට ලොවක

අන්ධයන් ජනිතව
සමහරුන් ගිලගෙන
නරුම පිළිවෙත් රැගෙන
සතුන් මෙන් හැසිරෙන

මේ මල් කැකුළු ගෙන
රේණු වනසයි නරුම වෙද
තොපි නම් මොකෙකුන් ම ලොව
කුමට බිහිවිද මනු සතුන් ලෙස
.................................................. ................
පහත හූය හා බැඳේ..



(ගැහැණු දරුවන් සුන්නත් කිරීම තිරිසන් වැඩක් නොවන්නේද??)

Wednesday, June 16, 2010

මුඩුක්කු දරුවා සහ ගණිකාව



අත වූ මුදල්
දෑවුරුද්දක් දුක් මහන්සියෙන්
වීදි දිගේ පියඹා
සොයාගත් වගනම්
කෑමෙන් හා බීමෙන් සප්පායන්ව
ඉතිරිය කැටයකට බහා තබා
එකතු කරගත් රුපියල් වලින්
දහසක්

මුදාහරිනු පිණිස
ලිංගයේ තෙරපීම්
දන්නාවූ තැනක මුදල්
ගෙවා
ගැහැණියක් සිටිනා මුල්ලෙහි වූ
කාමරයට පියමන්ව
ඇය දෙස බලත්ම
මා දෑස් නිලංකාරව
ක්ලාන්තය මෙන්

ස්නේහ වදන් තෙපලූ ඔය මුව
කෙසේනම් සිපගනිද???
මා හොවා නැළවූ උකුලට
කෙසේනම් ලොඹ කරද???
ලේ කිරි කර පෙවූ දෙතනේ සුවද
ගිනියම් පහසකට කෙසේ පෙරලම්ද???