අත වූ මුදල්
දෑවුරුද්දක් දුක් මහන්සියෙන්
වීදි දිගේ පියඹා
සොයාගත් වගනම්
කෑමෙන් හා බීමෙන් සප්පායන්ව
ඉතිරිය කැටයකට බහා තබා
එකතු කරගත් රුපියල් වලින්
දහසක්
මුදාහරිනු පිණිස
ලිංගයේ තෙරපීම්
දන්නාවූ තැනක මුදල්
ගෙවා
ගැහැණියක් සිටිනා මුල්ලෙහි වූ
කාමරයට පියමන්ව
ඇය දෙස බලත්ම
මා දෑස් නිලංකාරව
ක්ලාන්තය මෙන්
ස්නේහ වදන් තෙපලූ ඔය මුව
කෙසේනම් සිපගනිද???
මා හොවා නැළවූ උකුලට
කෙසේනම් ලොඹ කරද???
ලේ කිරි කර පෙවූ දෙතනේ සුවද
ගිනියම් පහසකට කෙසේ පෙරලම්ද???
යකෝ ඌට නෙවෙයි මට කලන්තේ වගේ. බොක්කටම වැදෙන්න ලියලා තියෙනවා...උපරිම තත්ව ප්ර කාශනයක්
ReplyDeleteයතාර්තය....
ReplyDeleteනියමයි.... උපරිමයි මචෝ
ReplyDeleteඅපිටත් සිහිය නැති වෙනවා මෙව්වා කියෙව්වම.... පිස්සු හැදෙනවා..
ReplyDeleteඅපිටත් සිහිය නැති වෙනවා මෙව්වා කියෙව්වම.... පිස්සු හැදෙනවා..
ReplyDeleteඇඩෙනව අය්යා..
ReplyDeleteඅමූලික ඇත්ත..
සිරා...
දස මසක් දැරු නිසා හිස නවන් පිට උනත්,
ReplyDeleteඅන් ලඳක තුරුල්ලේ රැය පහන් නොවේදෝ...,
රැය ගෙවූ විගසින්ම නුඹ ඉගිල දුර ගියත්,
නුඹ වැනිම තව එකෙක් නුඹෙන් බිහි නොවේදෝ...,
JIVITAYA DUKAKMA TAMAI.
ReplyDeleteMANOJ