Friday, September 27, 2013

අන් බසට රැවටී



අන් බසට රැවටී
වෙනස් වී ඇති බැව්
වැටහේ මුත්
කුමක් අසන්දෝ මා


මට මතක
නුඹට අමතකද?
අතීතයක් වසර ගණනක
සේදී ගොස් හැඩයි ඔය ඔලුවද හිතද .

Monday, August 5, 2013

බහු රූ කෝලම්




කෙසේනම් හික්මවම්

බහු රූ කෝලම්
දකිනා ඇස්
යමක් හිතන්නට මත්තෙන්




Sunday, June 16, 2013

අප්පච්චී



වැගිරූ දහඩියක්
කොපමණකැයි
නොදනී මුත්
සියල්ල ඒ වූ
අප වෙනුවෙන් බැව්
දැනේ වටිනාකම්
නිමකලනොහැකි වූ
"අප්පච්චී" ඔබ නම්



Friday, May 17, 2013

ඒ වූ තීරණාත්මක දිනය




ඒ වූ තීරණාත්මක දිනය
මව් බිම් ලෙයින් තෙත්කල රුදුරු ත්‍රස්තවාදියා
නන්දිකඩාල් කලපුවේදී ඊලමද සමග සැඟවයන්නට උනා
තිස්වසරක ශාපලත් යුද්ධය අවසන්ව
මාගේ උතුම් මාතෘභූමිය නිදහසේ හුස්ම ගන්නට විය
ඒ නිදහස් අරුණලු රැගෙන හෙටට සිව් වසරක්
අද ලක්මෑණියන් සිව්කොන එකට යාලූ නිවහල් දේශයක්
එවන් වූ නිවහල් දේශයක් ලබාදෙන්නට දිවිහිමියෙන් සටන් වැදි උදාර විරුවණි ,
ලේ , මස් , ඇට , නහර දන් දුන් ද , දිවි පිදූද අභීත විරුවනි ,
මේ දේශය වෙනුවෙන් කලාවූ ඒ මෙහෙවරට ඔබට

අපගේ උත්තමාචාරය


වදන් කීපයක් උපුටා ගැනීම හිරු ටීවී ආයතනයෙනි

Sunday, May 12, 2013

"අම්මාය" නුඹ




ණය ගැතිය මා
සසර අවසන තෙක්
දැරූ දස මසද
පෙවූ ලේ කිරද
"අම්මාය" නුඹ
කිසිවකුට සම නොවන