
බලන්නට පෝන් රූ දැන්
කොල්ලො කෙල්ලන් එබි එබෙන්
ඇබ්බැහිව ගියොත් උන්
හෙටක් නැතිවේ ලොවෙත් නම්
ලිංගිකත්වය සංසර්ග පමණ බැව්
වැටහේලු ඇබ්බැහිවු සිතට මින්
අන්තර්ව ආදරය හුරතලය නැතිවුතැන්
වැනසේවි පවුල් මතු ගොඩනැගෙන තැන්

කැවුම් කොකිස් ගෙන
නෑදෑ ගෙට යන
අවුරුදු සැමටම
වේ කිරි ඉතිරෙන
රන්තරු දිලෙන අහසේ සරාසඳක් වී
ඔබ දිලෙන කොට
කනාටු පොලවේ වියලීගිය පොකුණක
මා කුසුමක් වී හඬන
ඔබ දැක සිත ඉපිලී ගියද
මොහොතකට
කරබා ගතිමි දැන
ඔබ නොලැබෙන අටිය
"මයුමි නෙළුම්"
ඔයිල් ඇත ලොව බිමක
හිතේ එය තම සතු වූ නම් යහැක
අවුස්සා මිනිසුන් ඔවුන්ගේ බිමක
ගහයි ඉහලින් පෙන්වා ආදරෙයි අපි නුබට

කව්ලු පියන්පත් යන්තමින්
විවරව
අහස් එළි හොරැහින් යහන්මත
එබිකම් කරන
සඳ කැලුම් නුබෙ පයෝදර
මත නටන
පෙනේ
දුහුල් රෙදි අතරින් මෙමට
නෙත් යොමුව හිස පාතෙක්
සොඳුර
ඉවසුම් නොදෙ මැයි
සිත
පිම්මේ දුවන