Monday, March 21, 2011

තම සතු වූ නම් යහැක


ඔයිල් ඇත ලොව බිමක
හිතේ එය තම සතු වූ නම් යහැක
අවුස්සා මිනිසුන් ඔවුන්ගේ බිමක
ගහයි ඉහලින් පෙන්වා ආදරෙයි අපි නුබට

Saturday, March 12, 2011

පයෝදර මත නටන



කව්ලු පියන්පත් යන්තමින්

විවරව
අහස් එළි හොරැහින් යහන්මත
එබිකම් කරන
සඳ කැලුම් නුබෙ පයෝදර
මත නටන
පෙනේ
දුහුල් රෙදි අතරින් මෙමට
නෙත් යොමුව හිස පාතෙක්
සොඳුර
ඉවසුම් නොදෙ මැයි 
සිත
පිම්මේ දුවන

Monday, March 7, 2011

ශිෂ්‍යත්ව සිවුර



ලැබගෙන දැනුම පොරවා ඒ කහ සිවුර
අවසන පියනගන ලන්ඩන්, ඩෙනිම හැඳ
මිල නොකලට ගරු කිරුමට බුදු සසුන
මව්බිම හඩයි දැක නලවනු බැරිය දින

Sunday, February 27, 2011

අනේ එකදවසට




එක දවසක් කල වරදට

ඇයි දඬුවම් මෙලෙසට
ආදරය අඩු වේගෙන
අනේ එකදවසට
දවස් දෙකක් සිදුකල
නම් නැතිවෙයි
ආලය සදහට..

Tuesday, February 15, 2011

පට්ට බිසී



ඇමතුමක් ගෙන

එහාකොන හිදිනා
ඇමතීමට දැනගැනුම
පණිවිඩයක්
හතිදමයි මහා ඉහලින්
බයත් සිතුනි
මට

අසනීපයක් දැයි?
"ඉක්මනට කියනු"
හරි වැඩලු
අනේ පව්
නැගුනි මසිතට
හෙව්වත් මිටි මුදල්
වැඩක් නැති හැටි
අම්මපා නැතිව
සැහැල්ලු මනසක්