Sunday, January 30, 2011

මා කල වරද නම්



වෙන්වෙන්නට සිදුවෙනම්

ආදරය කලේ කිමද මෙලෙසින්
නොපෙනෙන්නටම ගොස් දුරින්
මා කල වරද නම් කුමකින්

පැවසුවේ දා හදවතින්
ආදරෙයි පෙම්වත මෙලෙසකින්
මුදල් අඩු මදි කමින්
දෝ වෙන යහන් මත අද හිදින්

Friday, January 14, 2011

හරියාපන් දෙවියනි



මම රෑ වී  ෆේස්බුක් යන වෙලාවේ
චැට් කෙරුමට ආවයි ඇය සිනාවේ
ස්ටක් විය චැට් බොක්ස් මක් වුනාවේ
හරියාපන්, දෙවියනි ඇය නොයාවේ

Tuesday, January 4, 2011

ද්‍රවිඩ බල දෙවොල



ගියේ දකිනට දෙවොල උතුරුකරයෙන්

වැඩසිටීලු මුරුගන් වේ නිරිදු යහපත්
යන්නට සැරසීද බැලුමට සිත්තම්
අත දමා නැවතීය පොලිස්පති මුරකම්

ගැලෙවුමට අණ වසා සිටි රෙද්ද උඩුකයනම්
නොකර ඇතුලට යාම නම් අතිශයින් තහනම්
එනමුදු ගැහැණු යයි විලිවසා සැමතැනින්නම්
කිමද පිරිමින්ට පමණක් පිරිසිදු කමක් හෝ සෙව්වානම්

පලමු තැන්ගත් මුරුගන් සිටී කතරගම නම්
කිසිත් නැත එමුදු තරහ වී නෑ දෙවෙදු මේ කල්
කැමති අකමැති තීරණය තමසතු කරීනම් මුල්තැන්
සංස්කෘති බල රජ කරනු කැමතිවේදෝ නුබ නම්

Saturday, January 1, 2011

අලුත් දිනයේ


උදාවන්නේද අලුත් දිනයේ

පිරීයන්නේද ලොසිත් සතුටේ
පැතුම් ඇත්තේද උතුරනාසේ
ඉටුවීල සැනසේ අලුත් අවුරුද්දේ......

Wednesday, December 29, 2010

සල්ලි ගැරුවැයි!




අවුරුද්දකුත් අවසන්ව ගිය

දුව පැන මහින්සිත් ඇතිනේ නොව
මුදල් හෙම අතගෑ පමණක්මද
කලේද යමක් ලොවක් යහපත්වන