Saturday, April 24, 2010

ආදරණීය පෙම


පොත් මිටක් තුරුලු කරන්
ගියා ඔබ එක් දිනක් මා දෙනෙත් ඉදිරියෙන්,
මේතාක් නොදුටුටු ඒ මුහුණුවර
කාගේ කවුරුද කොතනකද මන්ද,
සිතුනා සොයන්නට
ඔබ ගැන යමක්,

පෙර දිනයම වාගේ තව දිනෙක
සිටියා නුබව දකින්නට,
බසයෙන් බැස ආ සැනින් ඔබ
බැලු විට මා දෙස වරක්,
දැනුනා ආදරයක් කියන්නට බැරි තරම්
පෙර පෙම්බරියටත් වඩා ඔබට,

කුමක් කරන්නද මා
අතහැර ගියත් ඒ පෙම්බරිය,
සිතන්නට හැදුවත්
ඔබ ගැනම සෑම විට,
පෙර පෙමද සිහිවෙනවා
දුක් කදුළු මැද,,,,

ලියා එව්වේ සුරේෂ් රංගන

දරුවා දේශපාලනය සහ .......




මව් පියන් එක පසක
දරුවා තව පසක
මැතිවරණ උණුසුම ලංවන
බැන වැදුම් නම් හරි ඉහලට

එක් චැනලයක් රූප පෙට්ටියටම
අනික් චැනලයන් මකා දමමින
උදේ සිටන් රෑ වන තැන
පියා එයම පමණක් නරඔණ

මැතිවරණය අවසන
දරුවාගේ පිල ජයගෙන
දෙමාපිය ඇස් රතුවන
දරුවා ගෙදරිනුත් එළවන....


Sunday, April 18, 2010

හ්ම්ම්.. ආදරය දෝරෙ යයිද?


අවදිවන්නේ ඔබ මතක් වී

සිත තුල අමුතු හැඟුමක්
ආදරණීය සිතුවිලි මා සිත පුරාවට
ලංව හිඳ ගෙව්නු මතක තුලින් සිත
තව තවත් පිරී යන,,
සීත සුළන් රැලි මා ගතද වසාගෙන
හ්ම්ම් ... දැන්නම් ඇත්තමයි
මා සිත
ආදරයෙන්
දෝරෙ ගලනා වග......