Saturday, February 27, 2010

වචනයක් ඇති




කථා බහ වැදගත්ව

භාෂාව නිතැතින්ම

චින්තනය ඉහලින්ම

වටී ලොව හැමදාම


අද බැලුවතින් එලිය දෙස

ගහ මරාගෙන බොහෝ අය

අත්තේ පොඩි ගැටළුවකි විසදන්න

වචන දෙක තුනෙන් නිමවන්න


පෙර දවස ගැටලු දැක

විසදා ගතී සුහදවම

විස්මයක් නැත එතුල

ඇත්තේ හිමි නුවණ පතුරාම

Tuesday, February 23, 2010

රාගී රූ සපුව



ඇගේ රාගී රූ සපුව
දැක හැගුම් ජනිතවන
නැත නමුදු තවකෙකුට එය
ඇය නොව නුබෙ ඇස්ය රාගික


(විශේෂ ස්තූතිය එළකිරියේ අයියණ්ඩීට)

Friday, February 19, 2010

මවකගේ සාපය




වැදූ දරු කුස දරා
හැදූ බව කිරි පොවා
වැඩුන පුත් ලොකු වෙලා
ගමන් යයි පෙර මන් බලා

දියුණු වන පුතු දිහා
මිනිස් ඇස් යොමුවෙලා
රුදුරු රකුසන් වටවෙලා
මරා දමයයි කඩු පහරින් ගසා

මවට දුක බැරි ඉවසලා
සාප තබවයි දිවුරලා
ඝාතකයන් පසු අසුවුනා
කාලයෙන් පසු නිදහස් වුනා

ඝාතකයෙකු විවා දිවි ගෙවා
බිරිඳ දරුවෙකු බිහිකලා
කැපුම් සළකුණු මෙන් තියා
උපන් දරු අත් පිහිටියා

දෙවස් දරු පසු මිය යනා
අභිරහස් දෙය පෙන්වලා
මවගේ ශාපය පළදෙනා
පෙනේ අප සිත් මවිතෙනා

Wednesday, February 17, 2010

ඉලව් වෙළදාම



ඊයේ ගෙනාපු තොග විකුණන්න

වෙළදාම් කටයුතු උදේ සිට
ඉතින් මොකද නේද?
මිනිස්සුන්ට වැඩනේ..
නමුත්
නරුම වැඩේ කියන්නේ
අම්මා ලොවෙන් සමුඅරන්
ගෙදර මළ ගෙයක්..........
අහෝ ! මෙහෙව් ලොවක්

Sunday, February 14, 2010

සතුට





මුදල් මත අත පොවා හිඳ
ගතහැකි මුත් බොහෝ දෙය
අනමුදු ගත හැකිද සතුටු බව
කෙනෙකුගේ සිත් පිරී යන