Monday, November 30, 2009

විෂ්මිත වූ ඇස්



හුටු හුටු බසය කෙමෙන් ඉදිරියට
මැද පෙල අසුනක මම පමණක් මුලු බසයටම
කොන්දොස්තර මහතා බිල්ලෙකු මෙන්
බලා සිටී මා දෙස ......

යන ගමන් පොඩි සාදයකට
අලුතින් ගෙනා අයි පොඩ් ටච්
ගීතයක සුමිහිරි නාදය මගේ දෙසවනට
ඒ සමග
කෙටි පණිවිඩයක් මාගේ දුරකතනයට

නැවත ප්‍රතිචාර පලමු එකට ඒ සමග තව එකක් ,
දිගටම කොටාගෙන කොටාගෙන
හුරුපුරුදු අශ්ව වේගයෙන්
අවසන්ව පැය කාලකට පමණ පසුව

හ්ම් , මුවින් නික්මී අවසන්ව සියල්ල
නිකමට බසය තුල මා ඇස් යොමුව
විෂ්මිත වූ ඇස් ගොඩක් මා දෙස බලා සිටී
බිය වූ මා වහා , කවුලුවෙන් අනංතය දෙස බැලීමි

Friday, November 27, 2009

නොනිමි හතිලෑම


සිහිනයක් සුමිහිරි,
දැක සිත පැතිරි
ඉෂ්ඨ කර ගනිමි
එන දින ඉදිරි

කරන උත්සහ දහිරි
අහස මෙන් ඉපිලි
ගැටළු ඇත පැමිණි
ලෙහන්නට තැනකුදු නොමැති

කල හැකි කිසිත් නැති
කෙලවර කල යුතු නිතිනි
මිරිගුවට නොදුවනු යහකි
හතිලෑම පමණක්ම වෙයි නොනිමි


Wednesday, November 25, 2009

එන්න ගොඩනගමු




අවසන්ව කුරිරු වූ කාලයක්
දිනාදී නිවහල් මාතෲ
භූමියක්
එක්ව නැගිටිමු වෙනුවෙන් සොදුරු හෙට දිනක්
එන්න ගොඩනගමු පින්බර
දේශයක්

Sunday, November 22, 2009

පුද්ගලික පංති සහ ගණිකාව



සතියේ අග දින
පුද්ගලික පංති සැම අත
කොලු කෙලි සැවොම පැමිණෙන
නගර ජනයාගෙන් පුරවන

එකක් උදය වරුවටට
අනික පැය දෙකක් පසුවට
කල හැකි දෙයක් නැතිකොට
නගර පුර සිරි විදින

ටික දිනක් යන විට
සෙට් එකක් රොක්වන
මනමාල බැල්මට
කෙල්ලගෙ හිත අරගෙන

සෙට් එකම තානායමකට
යන්නේ පසුව දින
කෙල්ලව කෙලෙසන
සෙට් එකේ කොල්ලො රොත්තම

බැල්ක් මේල් වී ඇත
රූප තැටි ගතකොට
කෙල්ල දැන් විකිණෙන
ගණිකාව දැන් ඇය

Thursday, November 19, 2009

පැතුම් සිත් ඉටුවේ කලට


දින ගෙවී යයි තාලයට

තව ලංව නුඔ මා වෙතට
නොතේරේ යමක් මේ ඇයිද
නුඔ ගැන කිසිත් නොසිතෙන්නේ කිමද

ආදරය ඉල්ලූ විටම
කැමති විය දෙ අත් ඔසවාම
උවමනා වූයේ පෙර දවස
ආදරය නොව ගැහැණියක් ලඟ සිටින

නොයමි මම හැර නුඔව
සැමදින සිටිමි තුරුලේම
පැතුම් සිත් ඉටුවේ කලට
ආදරය සිතේ මෙමටත් දිනක