Thursday, October 29, 2009

මනුෂ්‍යත්වයේ නාමයෙන්


මනුෂ්‍යත්වයේ නාමයෙන්

කාවද්දාලනු පිණිස
උතුම් වූ සිතුවිලි සමුදායන්
නුබේ සිත පතුලටම
පවසමි පහන් වු සිත් ඇතිව

නොදෙන්නට දුකක් කිසිවෙකුට
එක් මොහොතකට හෝ
තමන්ටද මහත් කරදර දිනකදී
නිසැකයෙන්ම හිස මතට පතිතවිය හැකි බැව්
තබාගත යුතු සිහි නුවණින්

අවසන් වුවත් කණගාටුවේ හෝරාව
එකෙකුගේ හිත් කොනින් මැකී ගියමුත් සදහට
දැකිය හැක බැලුවොතින් තත්පරයක් පසුපසට
වේදනාවන් නොමියෙන මතකයක
අනෙකාගේ මුළු ආත්මයම බිලිගෙන

Monday, October 26, 2009

වෛරයක් නෑ මගේ හිත තුල


එපා කිව්වත් නුබ මට
ගියා නුබ හැර දමා පිට රට
ආයෙ එනවානෙ මම නිසැකව
නුබ මගේමැයි කර ගන්නට

ගියේ නුබ හැර දමා මේ ලෙස
අනාගත පැතුම් ඉටුකරනට
අපි අපේ වෙන මතු දවසක
සිහින මැව්වනේ මම හැම දින

ඇමතුවා නුබව පුලුවන් වු හැම විට
ගතවුවා දවස් මෙලෙසින්ම විගසට
අංකය වැරදීය දිනකදී අමතන
සිත කලබලය වැරැද්ද නොවැටහෙන

දැනගන්න ලැබුනා නෙ නපුරු වූ සිද්ධිය
නුබ දැන් වෙන කෙනෙකු ලග හිද දැවටෙන
වෛරයක් නෑ මගේ හිත තුල
පතමි සුභ පැතුම් සොදුරු මතු දිවියට

Saturday, October 24, 2009

ආදරණීය සොරකම


නූතන කාල සටහනක් තුල

ජීවිතය ජයගන්න අපහසුය බෝ විට
එය අන් කවරකුද නිසා නොව
ආර්ථික කෙනෙහිලිකම්ම අප වට කොට

හිරේ ලැග්ගාට කල මේ වරදට
දුකක් නම් නෑ මට කිසි විට
අති එකම දුක මා දවාලන
මවට මක් වීද දැයි මා නොදනින

නැත මුදල් මවගේ බෙහෙතට
සොරකම් කලේ ඒ නිසයි පලමුවර
කරන්නට කිසි දෙයක් නැතිකොට
අනේ මම මක්කරන්නද ඒ හැර

Tuesday, October 20, 2009

අමතකද බොල මේ අපේ භූමිය..


සිංහලේ දේශය , බුදු පහස ලද

උරුමකම් කියන සිය දහස් වසකට
නිල්වන්ව පෙනෙනා ගුවන් තලයට
එකම රට මෙය මුලු ලොවක් මවිතකල

ඈත අතීතයෙ පටන් දිගටම
නසන්නට අප හෙළේ දිවයින
කලත් උත්සහ දිගින් දිගටම
නොහැකිවිය දැක වීර තෙද බල

තවම පවතී එකී පිළිවෙත
ජාති ආගම් වනසමින් අද
නැගිටියව් තොපි නිදිද තවවම
අමතකද බොල මේ අපේ භූමිය

Friday, October 16, 2009

කුළුදුලේ ගැහැණු දරුවා



කුළුදුලේ ගැහැණු දරුවා
ඉපදුනු කලට මෙලෙසා
වාසනාව නිවසට කැන්දා
ගෙනෙන බව කියයි අපේ මුත්තා

වාසනාව කවරක් විලසා
එක විටම නොතේරෙයි මෙමටා
සොයාගෙන කුළුදුල් දරුවා
ගියා ගෙයකට උදේ වරුවා

වයස විස්සේ කුළුදුලේ දරුවා
ගෙදර වැඩ ඉහ මොලද පුප්පා
දහඩියද හැම තැනින් බේරා
බිමට වැටුනේ ටිකි ටිකි හඩද නංවා

වැටහුනා සත්‍ය හොදට මෙමටා
වාසනාව නිවසටම කෙලෙසා
බුරුතු පිට වැඩ ඇයට සැමදා
අනේ කුළුදුල් දුකක තරමා