සිතට නැගෙන අදහස්
පෙනෙන නොපෙනන සමාජ යතාර්ථය කවියක් වී...
Thursday, May 17, 2012
රැකගන්න ගෞරවය
නිදහස්ව
නිශ්ෂබ්දව
රැකගන්න
ගෞරවය
තවමත්
ඉතිරි වූ...
Sunday, May 6, 2012
සිතුවිලි ඉකිගසන
නිදියන්න ඉඩදෙන්න නුඹ තුරුලේම
පවසන්න, ඉඩදෙන්න බැරිදෝ මන්ද?
ඉවසන්න බෑ .. කියන සිතුවිලි ඉකිගසන
කියන දේ නාහන හිත, මේ පිම්මේ දුවන
Friday, April 27, 2012
ඉවසපන් සිව්හෙලේ
ඩොලර් මත නටන කැනහිලුන්
ග්‍රීස් යකාගෙන් බැරිවුන සෙල්ලම්
නැවතත් නටන්නට සැරසෙත්
ඉවසපන් සිව්හෙලේ ඉවසපන්
Monday, April 23, 2012
නොවන පැතුමන්
හිතවත්කමක් හිතලඟටම විත්
දැනෙන හැඟුමින් මා හිත ඉපිලෙන්
ලොඹ බැඳගත් ඇසුරක් යයිද දුරදිග තෙක්
හිත බයෙන් නොවන පැතුමන් ඉල්ලයි දෝ මැයි
Thursday, April 12, 2012
අවුරුදු සරුදැයි බොල
සරුවට ඇතිද ඔහේ,
කිරිබත් මේසා ඉතිරෙනා ලෙසේ,
කොටහක් මටත් අරන් අනේ,
එනවද ලැබූ මේ නව වසරේ
Newer Posts
Older Posts
Home
Subscribe to:
Posts (Atom)