Tuesday, March 6, 2012

මේ බඹරා නුඹටම බව




ඉගිකරන ඇස් මා වෙත යොමුව තියේ
පෙම් බැන්ද ඒ කෙලෙස මොහොතකිනේ
මල වටකර බඹරුන් පෙල ගසනු පෙනේ
මේ බඹරා නුඹටම බව කියනු කෙසේ

Saturday, February 25, 2012

හිවලුන් වියරු වී



හිවලුන් වියරු වී ඇත ජිනීවා රඟ මඩල
අතහරිනු හිත් රිදුම් එක මොහොතක් ඔන්න
දිවිහිමියෙන් රැකගනිව් දිනූබිම විරුගොල්ල
පාවා නොදෙව් අප ලක්මව පලමුව වන්න

Tuesday, January 17, 2012

පරයන් දමමි ලක් ගැට්ටෙන් බිමට



මියයන්නෙමි මේ මව්බිම මතම
රැකගෙන උරුමයන් ඉතිහාසය සමග
පරයන් දමමි ලක් ගැට්ටෙන් බිමට
යක්පුර සිංහයන් අවදියි තවම

Sunday, January 1, 2012

මේ නව වසරෙහිම



වෙන්නට හෙටක්

ලාහිරු දිළෙන,
සුවඳ හමනා උතුම් මල් පිපෙන,
හදවතට සමකලෙමි
ඒ මල් පෙති සියලු ගෙන,
වන්නට ඔබේ, මේ නව වසරෙහිම

Friday, December 30, 2011

වූ පවද ,මේ




වූ පවද ,මේ කල මෙලෙසකට
එන භවය පතමි මනුසතකු වී උපදින
නිවන් දකිනට මෙතේ බුදුන් දැක
නමස්කාරවේ හිමියනි ගෞතම