Thursday, July 21, 2011

හුරුබුහුටි හෙලු රූ



ලස්සන ලස්සන

හුරුබුහුටි හෙලු රූ
රගන නරක චිත්‍රපට
හිටියානම් මෙවන් කෙල්ලක්
දැක හිත හඩයි
ආදරය කරන්නට
ඒත් නෑ
උබ දකින ඔය රූප ඇත්තටම
ලස්සන වන වග
මහා කලුවරක්
ජීවිත ගිනිගෙන
ඔය රූප වල පිටුපස

Wednesday, July 6, 2011

යන්න ඈත දුරස් වෙලා



එන්න ලගට මගෙ රන්කද
කිව්ව මේ මුවින්,
යන්න ඈත දුරස් වෙලා
කියන්නට වූ බැවින්
මක් කරන්න මට නොතේරි
ගියානේ සිතින්
දෙමව්පියන් ප්‍රමුඛ වීය
ඔබ පසෙක ලමින්

Sunday, June 26, 2011

මට නම් තේරෙන්නෑ




මම හරි නිහඬ චරිතයක්

කියලා දැන දැනම
මොකද මේ ප්‍රශ්න දාගෙන?
සමාජ , දේශපාලන විග්‍රහයන්
ඔයත් එක්ක කතාකලොත්
ඔයාට හිතෙයි මට පිස්සුයි කියල,
අනික ඒව ඔයා දන්නැතුව
මම මොනව කියන්නද?

මට නම් තේරෙන්නෑ මක් කරන්නද කියල

Wednesday, June 22, 2011

මකබෑ උනාවේ




බලු වුනු කොටි පොළවපලන් ගියාවේ

කඩේ යනෙන තොපි මකබෑ උනාවේ
හදපු කැසට් පට අලුවී ගියාවේ
චැනල් හතර හෙන වැද ගිනිලුනාවේ

Tuesday, June 14, 2011

ඔයාගෙ ජීවිතය මං හින්ද නාස්ති වෙයි?



ඔයාට මතකයි නේද,

මම එක පාරක් මේක නවත්තමුයි කිව්ව.
ඔයාට ආදරේ නැතිකමකට නෙමේ,
මට වෙන කරන්න දෙයක් නැති හින්ද.

ආයෙ යාලු වුනේ
ඕනම දේකට මූණ දෙන්න හිතාගෙන
ඒත් අවුරුදු ගානක් තිස්සේ මාව හදපු
අම්මටයි, තාත්තටයි හරස් වෙන්නෙ කොහොමද

ඒත් දැන්නම් මට තේරෙනවා
අපි මේක නැවැත්තුවොත් හොදයි
මොකද ඔයාගෙ ජීවිතය ,
මං හින්ද
නාස්ති වෙලා යනව දකින්න
මම කැමති නෑ
අපි හොද යාලුවො විදියට ඉමු...