Tuesday, November 2, 2010

වේය නුබ මා රැඳුනු



නුබෙ රුවට ඇස ඇදුන

සිත වෙතට සිත ඇදුනු
අත ගනිමි නේ සිනිදු
වේය නුබ මා රැඳුනු

අද දුටිමි මල් කැකුල
හෙට දකිමි නේ පැතුම
සුවද ඇඟ කිතිකන්න
සිහිනයෙන් දැකගන්න

ඇය එනා කනිසමට
රැකහිදිමි පවසන්න
දුටිමි නුඔ පියනගන
සිගිති දරු තුරුලෙ හොව

Saturday, October 16, 2010

සිඟන්නාගෙන් සිඟාකෑම



උකුස් ඇස් මා ඒ මේ අත
නගරය හරි කලබලකාරී
බලාපොරොත්තුව අමුතු සිදුවීම්
නැත කිසිව්ටෙක දැක
පත්තර , ටෙලි රූප වලින් මිස
එකෙහෙනෙහිම මා ඉදිරිපිට
වාහනයක් ආ සැනින්
ජෙනෙල් විවරව
"ගෙනෙන් රුපියල් දහසක්"
හිගන්නියක් වඩාගෙන දරුවෙක්
කැටයෙන් ගත් දහස ඩැහැගත්
වාහනය අතුරුදන් විය මොහොතින්

Thursday, September 23, 2010

ලැබුනු දෙයක් වෙද?



වැලි කතර සරන දුක් විඳින ළඳුන්

සිහින රැසක් හිත පුරා පැතුම්
දුප්පත් කම් ගිනි ගෙන දවනම්
යන්නේ ඒ දුක් කඳුලු මතින්

ගෙදර වැඩින් මහ මෙරක් තරම්
අතපසුනම් ගත තලා දමත්
තිරිසනුගේ ඇස් යොමුවී නම්
පහස නිවන්නට වී හමදත්

දැන දැන යයි හේ ඇයි තාමත්
ලැබුන දෙයක්වෙද ගියා කාටත්
කුමක් කරත් නම් සිට මෙහිනම්
වෙනත් බිමක් වෙද මව් සමගත්

Wednesday, September 8, 2010

ආගන්තුක ගැබ් ගැන්ම



මෙහෙන් රැකියා නොමැති වෙද

එකක් නම් ඇත ඈත කොළඹින
අතේ සතයක් නොමැති බැරිතැන
ගියේ ඒ රැකියාව වෙත

මුදල් දැන් රහට යහමින්
එවයි මුදලක් තම පවුල වෙත
තනිව ඉන්නට බැරි අමාරුව
ගෙනෙයි කෙල්ලන් රැය මකාලන

එකෙක් ගැබ්ගෙන මහා කරුමෙට
යන්න බෑ ගම රට බලන්නට
මෙහෙත් පවුලක් හෙන ගහන්නට
පැටලවී ගැට ගෝනි අමුවට

ප්‍රශ්න ගොඩ දැන් හිතා දවාලන
ඉවසන්න බෑ ඒ පපුව ගිනිගෙන
නපුරු වූ වා අඳුරු අලුයම
නිසල සිරුරය ලනු ගෙලෙහි ලා ගෙන