Saturday, January 16, 2010

තොපිට ආයෙත් කියනවා





 
සුද්දගේ දෙයක් කිව්වොත්
වෙන මුකුත් නෑ..
මේව මුන්ගේ ජාන වල
ප්‍රශ්ණයක් ., #$%
ලෝකල් කිව්වාම
එපාලු,
මේකුන් හිතන් ඉන්නේ
ලෝකල් = බාල දේ
තොපිට අයෙත් කියනවා
ලෝකල් = අපේ දේ  

Friday, January 15, 2010

දිනනු මිනිසුන්




ඉපිද අප මෙලොව

දිවිය අවසන් හුස්ම තෙක්
ගෙවන ඒ බොහෝ කාලය
කුමක් අරමුණු කරත් නම්

අකුරු කර ලොව දිනන
වඩා ගුණ දම් නුවණ
දුවනු තල ඉහලට
පතයි ඔබ මා මෙන්

නුබේ අරමුණු පතා නුබ යන
දිනනු මිනිසුන් සමාජයෙ වෙසෙන
හමුවේවි ඔවුනුත් අවැසි තැන් වල
නිසැක ජය නුබ කරා නො එනෙද
?

Sunday, January 10, 2010

සිරවූ උණුසුම



ඔය සුසුම් තුල සිරවූ උණුසුම
විදගන්නට තව වරක්..
වියැකුනු දෙතොලට සිසිලසක්
තෙමන්නට මුව වතාවක්..
කැකෑරෙන ආදරය මුදාහරිනට
පලමු පෙම වූ ගැහැණියක්..
එනවාද නුබ දැකගන්න
අතැර ගිය මා එක්වරක්
......

Friday, January 1, 2010

සුබ අලුත් අවුරුද්දක් වේවා



ගෙවී ගොස් කාලයක්

දින සති මාස පසුකර
නිමවී අවුරුද්දක්
ලබයි නව වසරක්

පැතුම් ඇති ඔය සිත් පුරා
ඉටු වන මං බල බලා
මග හැරුනු තැනුත් යලි බලා
ඉටු කර ගනිමු නව වසරේ පුරා