Monday, March 21, 2011

තම සතු වූ නම් යහැක


ඔයිල් ඇත ලොව බිමක
හිතේ එය තම සතු වූ නම් යහැක
අවුස්සා මිනිසුන් ඔවුන්ගේ බිමක
ගහයි ඉහලින් පෙන්වා ආදරෙයි අපි නුබට

Saturday, March 12, 2011

පයෝදර මත නටන



කව්ලු පියන්පත් යන්තමින්

විවරව
අහස් එළි හොරැහින් යහන්මත
එබිකම් කරන
සඳ කැලුම් නුබෙ පයෝදර
මත නටන
පෙනේ
දුහුල් රෙදි අතරින් මෙමට
නෙත් යොමුව හිස පාතෙක්
සොඳුර
ඉවසුම් නොදෙ මැයි 
සිත
පිම්මේ දුවන

Monday, March 7, 2011

ශිෂ්‍යත්ව සිවුර



ලැබගෙන දැනුම පොරවා ඒ කහ සිවුර
අවසන පියනගන ලන්ඩන්, ඩෙනිම හැඳ
මිල නොකලට ගරු කිරුමට බුදු සසුන
මව්බිම හඩයි දැක නලවනු බැරිය දින