Monday, August 23, 2010

අම්මා සහ ශිෂ්‍යත්ව විභාගය




උදේ 6 සිට වැඩ පටන් ගෙන

ඉවරවන තුරු පාසල් වෙලාවම
සවස් වරුවට ටියුෂ් පන්තිය
ඉවර කර ඉර බහින යාමෙක
ගෙදර එනවලු හතිදමාගෙන
ඇග හෝදගෙන වරෙන් විගහට
පාඩම් වැඩ ගොඩයි උබලට
ලබන වසරේ විභාගය නොවැ
යන්න අලුතින් පාසලක් බොට
පන්දන් ඇල්ලුවට වැඩක් නෑ දැන්
බර කුට්ටියක් අත මිරිකන්නලු
ගෙදර කන්නෙත් හරි අමාරුවට
දගලන්නෙ මේ උබෙ හොදට නොවැ
යන්න කොළබින් ලොකු පාසලක් වෙත
එන්න එහෙමලු වෙන්නෙ මේදින
ඉගෙන ගන්නේ අම්මලලු හරි
හරියටම වෙහෙසේනා තරමක්

Friday, August 20, 2010

ආදරය කිමැයි



ඇය ලස්සනයි

මගෙ නෙතු පිනයි
සැමදින දකියි
ආදරය කරනට සිතයි

උත්සහ කරයි
ඇගෙ සිත දිනයි
දැන් දැන් අපිත්
ආලය කරයි

ඇගෙ යෙහෙළියක් සිටියි
ඇය මාරම ලස්සනයි
මගෙ නෙතු ඈ වෙත දුවයි
මෑ අත හැර ඇයට ලංවනු සිතයි

ආදරය කිමැයි
මට වැටහී නොඑයි
ලස්සන පමණක් නොවෙයි
තව මක් හෝ එහි තියෙයි

Thursday, August 12, 2010

ඈත්ව යනවානම් නුබ




ඈත්ව යනවානම් නුබ
හොදයැයි සිතෙමි විටෙක
අන් කිසිවක් නිසානම් නොව
නුබ මගෙද හොදටම මිස

පැවසිය නොහැක දෙමාපියහට
බැනවදී ප්‍රශ්නය අසා පිම්මටම
ඒත් අත්හරිනු කෙලෙසකද
නුබ මගේ පණ කෙන්ද වන

කෙදිනක හෝ පැවසිය යුතුවන
නුබ මගෙම කර ගැනුමට
වෙන දෙයක් වෙනුය සිත
පැවසුවා පුවත මවගෙ කණ ලංකර

උත්තරය ලෝකයක් සනසන
ඇසුනේ මවගෙ මුවගින් මිහිරිතම
ප්‍රශ්න එන්නේ මිනිසුන්ට නොව
උබ ආදරය කරපන් එය ගැටළුවක් කර නොගෙනම